BREAKING NEWS

“රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා. පරන්තන් කෙමිකල්ස් ඊට සූදානම්. වසරකට රට තුළ ඉතිරි වන මුදල රුපියල් බිලියන 1.66ක්’ – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි

“රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා. පරන්තන් කෙමිකල්ස් ඊට සූදානම්. වසරකට රට තුළ ඉතිරි වන මුදල රුපියල් බිලියන 1.66ක්’

– කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි

ශ්‍රී ලංකාව වසරකට ක්ලෝරීන්, කෝස්ටික් සෝඩා හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යන අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 1.66ක් බවත් තම අමාත්‍යාංශය යටතේ ඇති පරන්තන් කෙමිකල්ස් රාජ්‍ය සමාගම මුල් වී ඉදිරියේ දී ඉහත සියලු රසායනික ද්‍රව්‍ය මෙරටෙහි නිපදවා ඉහත මුදල රට තුළ ඉතිරි කිරිමට පියවර ගන්නා බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (30) දින පරන්තන් කෙමිකල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

මෙම අභියෝගය ජය ගැනීම පිණිස පරන්තන් කෙමිකල්ස් රාජ්‍ය සමාගම මුල් වී පරන්තන්හි අක්කර 160ක් පුරා විහිදුණු කර්මාන්ත පුරයක් නුදුරේදීම විවෘත කරන බවත් කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් රට අර්බුදයකට මුහුණ දී ඇති මේ මොහොතේ රට තුළ ඇරඹිය හැකි කර්මාන්ත කඩිනමින් ඇරඹීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව සහ ඒ සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීම අනුව මෙම සාකච්ඡාව සිදු කළ බවත් ඊට ඉහත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවත් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපති උපුල් රණවීර, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන
සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020.04.30

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*