BREAKING NEWS

රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලීමට මැතිවරණ කොමිසමේ සභාපතිට තිබෙන බලය කුමක්ද? -ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලීමට කවර බලධාරියෙකුට වුව නොහැකි බව පෙන්වා දෙයි.

ඊයේ (20) අතුරුගිරිය ප්රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“පාස්කු ඉරිදා ප්රහාරයේ මිනීමරුවන් පිළිබඳ කෙරුණු පරීක්ෂණ පසුගිය ආණ්ඩුව සමයේ වසා දැමුවේ කෙසේද? කියා ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසම හමුවට ඇවිත් පොලිස් නිලධාරීන් අද සාක්ෂි ලබා දෙනවා. ‘සීඅයිඩීයේ හිටපු ප්රධානියා අපට උපදෙස් දුන්නා, එක් ත්රස්තවාදියෙකුගේ ගෙදර තිබුණු සීසීටීවී දර්ශන මකා දමන්න. හේතුව තමයි ඒ ආණ්ඩුවේ ඇමතිවරුන් ඒ ගෙදරට ගිහින් තිබීම,’ යන්නත් මෙලෙස පොලිස් නිලධාරීන් ලබා දුන් සාක්ෂියක්. ඒ වහපු තොරතුරු අද මෙලෙස එළියට එනවා.

හිටපු අමාත්ය රිෂාඞ් බදියුදීන්ගේ මල්ලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔප්පු කළ හැකි හේතු කාරණා සහිතවයි. දැන් එසේ හේතු කාරණා සහිතව රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පොලිස්පතිවරයාට, සීඅයිඩිය ඇතුළු නීතිය ක්රියාත්මක ආයතනවලට ලිපි යවනවා, ‘මැතිවරණය අවසන් වන තෙක් රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න’ කියා. මා වුවත් අපරාධ වරදක් සිදු කළොත් අත්අඩංගුවට ගත යුතුයි. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කිව හැකිද ‘මැතිවරණය අවසන් වන තෙක් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිට එවැනි බලයක් නැහැ. මේ රටේ අත්අඩංගුවට ගත යුත්තේ කවුද, කවර වෙලාවකද, කියා නියෝග දීමට ද මැතිවරණ කොමිසමේ සභාපති ඉන්නේ?

‘මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට’

ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට දැන් එළියට ඇවිත් තියෙනවා. ප්රධාන ධාරාවේ මාධ්යවලින් ඒ ගැන හෙළිදරව් කරන්නේ නැහැ. ‘මැතිවරණ කොමිසමේ සභාපතිගේ කලිසම ගැලවෙයි’ කියලා ඔවුන් බියයි. මොකද එක්තරා මාධ්ය ආයතයනයක් ඔහුට මීට ඉහත දී ‘හොඳම රාජ්ය සේවකයා’ ලෙස සම්මානයක් ද ලබා දී තිබෙනවා. ඒ හඬපටවල තියෙනවා, ‘සජිත් ප්රේමදාසගේ පක්ෂය නිත්යනුකූලව වලංගු නැහැ’ කියා ඔහු පවසන අයුරු. ඒත් එයා නිත්යනුකූලව වලංගු නැති පක්ෂයකට අද ඡන්දය ඉල්ලන්න දීලා තිබෙනවා. ඒක එතකොට නිත්යනුකූලද?

‘තුසිත හල්ලොලුව කියන කතාව’

තවත් ඊට අදාළ හඬපටයක මංගල සමරවීර හිටපු අමාත්යවරයාගේ ලේකම්වරයෙකු වූ තුසිත හල්ලොලුව ඉහත හඬපට එළියට දමපු කෙනාට කියනවා, ‘මහින්ද දේශප්රිය අපට කොතරම් උදව් කළාද? එයාගේ උදව් නැත්නම් අපට අණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා. ඇයි එයාට මේ විදියට ගහන්නේ?’ කියලා. මෙවැනි ක්රියා සිදු කරන පුද්ගලයන්ගෙන් සමන්විත කොමිෂන් සභා ස්වාධීනද? අද ‘රිෂාඞ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියා කියන සභාපති ඊළඟට කියාවි ‘රිෂාඞ් බදියුදීන්ගේ මල්ලි එළියට දාන්න. එයාට අයියා වෙනුවෙන් ඡන්දෙට වැඩ කරන්න තියෙනවා’ කියා. මේ විදියට පක්ෂග්රාහී කොමිෂන් සභා හදාගෙන, ස්වාධීන වෙස්මුහුණු දමාගෙන මේ රටේ නීතිය ක්රියාත්මක වීම වළක්වමින් තිබෙන්නේ. මේවා ප්රජාතන්ත්රවාදය ගරු කරන බහුතර ජනතාව විසින් දැඩිව ප්රතික්ෂේප කළ යුතුයි”

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*