BREAKING NEWS

ලංකාවේ ප්‍රථම වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදක කර්මාන්ත ඇමති හමුවෙයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා වෘත්තීයමය ක්‍රිකට් පිති නිෂ්පාදනයේ යෙදෙන STAUNCH Manufacturing සමාගමේ නිර්මාතෘ තරුණ ව්‍යවසායකයකු වන සහන් දික්මාදුගොඩගේ මහතා අද (17) “කර්මාන්තකරුවන්ගේ දිනයේ දී” කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

ආනයනික මෙන්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් ද දේශීය ශ්‍රමිකයන් පිරිසකට රැකියා සපයමින් ද ගෙන යන තම ව්‍යාපාරය තවදුරටත් සංවර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අමාත්‍යවරයාගෙන් බලාපොරොත්තු වන බව මෙහිදී සහන් දික්මාදුගොඩගේ මහතා පැවසීය.
එහිදි ඉහත ව්‍යාපාරය සඳහා අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීමේ ඉඩ කඩ පිළිබඳව මෙන්ම සහන පොලී මත ණය ලබා දීමේ හැකියාව පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා ද සහභාගී විය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*