BREAKING NEWS

ලංකා ඉතිහාසයේ ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ පැවති කැබිනට් හමුවට සහභාගී වුණෙමි…

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමේ අභියෝගය නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව කැබිනට් හමුව අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණි.

ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම සහභාගී කරගනිමින් සාර්ථකව කැබිනට් හමුව පැවැත්වීමට හැකිවිය.
මෙම වසංගත තත්වය යටතේ වුවත් රටේ ඉදිරි සංවර්ධන කටයුතු හා ජන ජීවිතය විධිමත් ලෙස මෙන් ම සක්රීය ලෙස ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කොට අවශ්ය තීන්දු තීරණ ගැනීමට හැකි විය.

කර්මාන්ත අමාත්යාංශයේ මාගේ කාර්යාලයේ සිට මම ද කැබිනට් මණ්ඩල රැස්වීමට එක් වුණෙමි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*