BREAKING NEWS

ව්‍යවසායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කොළඹ විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

 

ව්‍යවසායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කොළඹ විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබය

කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධිත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් තෝරා ගනු ලබන ව්‍යවසායකයින් පුහුණු කිරීම සම්බන්ධව කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (07) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

පළමු අදියර යටතේ තෝරාගත් ව්‍යවසායකයින් 50 දෙනෙක් මෙම පුහුණු වැඩසටහනට යොමු කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආශ්‍රිතව මුල්‍ය සාක්ෂරතාවය පිළිබද දැනුම ලබාදීම, වෙළදපොළ ගුණාත්මකභාවය පවත්වාගෙන යෑම, ව්‍යාපෘති යෝජනා සැකසීම ඇතුළු ව්‍යවසායකන්ට අවශ්‍ය කරන න්‍යායික සහ ප්‍රායෝගික දැනුම නොමිලේ ලබාදීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ ය.

මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ, අප රටේ විශ්ව විද්‍යාල ව්‍යවසායකයින් සමග එක්ව කටයුතු කිරීමට තීරණය කිරීම අතිශය වැදගත් බව ය. ඒ සදහා මෙවැනි අලුත් සංස්කෘතියක් නිර්මාණය වීමේ වැදගත්කම පිළිබදව ද අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර මේ සදහා සිය සහයෝගය ලබාදීමට තීරණය කළ කොළඹ විශ්ව විද්‍යාලයට සිය කෘතවේදීත්වය ද පිරිනැමීය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන ආලෝක වාහලවත්ත, නිෂාද් බුද්ධික, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මුල්‍ය පීඨයේ පීඨාධිපති එම්.පී.පී ධර්මදාස, ජේෂ්‍යඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය,
2020-12-07

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*