BREAKING NEWS

විමල් වීරවංශයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති ආශිර්වාද බෝධි පූජාව…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී අද (07) සවස ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විණි. බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිකාරී පූජ්ය බොරලැස්ගමුවේ පේමරතන නාහිමි සහ කැලණිය වේවැල්දූව ශ්රී නාගරුක්ඛාරාමාධිකාරි, කැලණිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී දෙහිපෙ චන්දවිමල හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම ආශිර්වාද බෝධි පූජාව පවත්වනු ලැබූහ.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ක්රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2021.03.07

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*