BREAKING NEWS

විමල් වීරවංශයන්ගේ ජන්ම දින සැමරුමට බෙල්ලන්විල රජ මහා විහාරයේදී ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අදට (07) යෙදී ඇති 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි.

මෙම පින්කම් මාලාව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, පූජ්‍ය කිරඹ විමලජෝති නාහිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, පූජ්‍ය දෙහිපෙ චන්දවිමල යන නාහිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (07) සවස සිදු කෙරිණි. මෙහිදී පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ අමාත්‍ය විමල් වීරවංශයන් පිළිබද අනුශාසනාව ද සිදු කළහ.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායකයෝ ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

About the Author

Leave a Reply

*