BREAKING NEWS

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැදගනී.

ශ්රී ලංකාවේ ක්ෂුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ ව්යාපාර සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (16) කොළඹ මහජන බැංකු මාණ්ඩලික අභ්යාස විද්යාලයේදී සිදුවිය. මහජන බැංකුව Made in Sri Lanka ණය වැඩසටහන යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සමග ක්රියාවට නැංවූ දේශීය කර්මාන්ත සහ සන්නාමයන් ප්රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.

මෙම වැඩසටහන එකාබද්ධව ක්රියාත්මක කිරීම සඳහා ශ්රී ලංකාවේ මුල්ය අවශ්යතා ඇති ව්යාපාර හඳුනා ගැනීමට සහයෝගය ලබාදෙන සහ ඒවාට අලෙවිකරණ උපදේශනය ලබාදෙන ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ආයතනය සමඟද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) තවත් සහයෝගීතා ගිවිසුමක් අත්සන් කලේය. එහි අරමුණ වන්නේ ව්යවසායකයින්ගේ වෙළද සන්නාම ප්රවර්ධනය, උපදෙස් සහ සහය ලබාදීම හා අළෙවි කරන දැනුම ලබාදීමට එකගතාවය පළ කිරීමයි. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව රටේ විවිධ ප්රදේශයන් හි වාසය කරන මුල්ය අවශ්යතා ඇති ව්යවසායකයන් 20 දෙනෙක් වෙනුවෙන් සංකේතාත්මකව ණය ප්රධානයන් ලබාදීමට සිදු කරන ලදි.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති උපසේන දිසානායක, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්රනාන්දු මහතා, කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරී/සාමාන්යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ලංකා කාර්මික මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී.එල්.යූ රත්නමලල, මහජන බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරිනි ක්රිශානී නාරංගොඩ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*