BREAKING NEWS

ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම්!

ශ්රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සදහා ලොව ඛනිජ වැලි ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බවත් ඒ සඳහා අවශ්ය සියලු පහසුකම් ඔවුනට සැපයීමට එකඟ වූ බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

මේ වන විට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැත්වෙන ’24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව’ට එක්ව සිටින වීරවංශ අමාත්යවරයා ඒහා සමගාමීව රුසියානු රජයේ කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්රයේ ඉහළ පෙළේ රාජ්යතාන්ත්රිකයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී අද(04) මෙම එකඟතාවට පැමිණ තිබේ.

එසේම ශ්රී ලංකාව තුළ බර යන්ත්රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් ද යොදා ගනිමින් එම නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද රුසියානු රජයේ නියෝජිතයන් සමග මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

තවද තේ රබර් වැනි අපනයනයට අමතරව ශ්රී ලංකාවෙන් රුසියාවට සිදු කෙරෙන අපනයන ප්රමාණය වැඩි කර ගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බවත් ඒ අනුව ඉදිරියේ දී ශ්රී ලංකාවේ සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට තත්ත්වයෙන් ඉහළ සිය නිෂ්පාදන රුසියාවට අපනයනය සඳහා ඉඩකඩ විවර වනු ඇති බවත් එය මෙරට ව්යවසායකයන්ට ලැබුණු අනගි අවස්ථාවක් බවත් කර්මාන්ත අමාත්යවරයා පෙන්වා දෙයි.

මෙහිදී ශ්රී ලාංකේය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ගේ නිෂ්පාදන ඔන්ලයින් ක්රමවේදයක් ඔස්සේ රුසියානු ඉහළ පෙළේ වෙළෙඳ ව්යාපාරිකයන් පිරිසක් වෙත ප්රදර්ශනය කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම මසක් ඇතුළත සිදු කිරීමට නියමිත ය.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ශ්රී ලංකා රජය වෙනුවෙන් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය,
2021.06.04
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*