BREAKING NEWS

ශ්‍රී ලංකා නියෝජනය ද සහිතව SPIEF 2021 ඇරඹෙයි !

24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF’21) රුසියාවේදී පසුගිය 02 වැනිදා ඇරඹි අතර එයට ශ්රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්රමුඛ නියෝජිත පිරිසක් සහභාගී වී සිටිති.

රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැතිතුමා සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජ්යතාන්ත්රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්රධානීහු, රුසියානු සහ වෙනත් රටවල රාජ්ය හා පෞද්ගලික සමාගම්වල ප්රධාන විධායක නිලධාරීහු ද ඇතුළු පිරිසක් ද ඇරයුම් ලැබ සිටිති.

ගෝලීය ආර්ථික න්යාය පත්රයේ ප්රධානතම කරුණු සාකච්ඡා කිරීමට හා ඒවාට ගෝලීය සහයෝගීතාවයෙන් ශක්ය විසඳුම් යෝජනා කිරීමට රාජ්යතාන්ත්රිකයන්ට අනගි අවස්ථාවක් නිර්මාණය කර දෙන ප්රමුඛතම ගෝලීය ආර්ථික වේදිකාව බවට මේ වන විට 1997 ඇරඹි ‘ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව’ පත්ව ඇතැයි අමාත්ය විමල් වීරවංශ පවසයි.

මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා සමග රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය හා කර්මාන්ත අමාත්ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගි වෙති.

සමාරම්භක දිනයට අදාළ ඡායාරූප කිහිපයක් පහත පළවේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්ය ලේකම්
කර්මාන්ත අමාත්යාංශය
2021.06.04
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*