BREAKING NEWS

“සම්භාණ්ඩ කර්මාන්තය විදෙස් රටවල් මත යැපීම නතර කරනවා. සම් පදම් කිරීමේ පරිසර හිතකාමී ක්‍රියාවලිය නුදුරේදීම අරඹනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය ලාභදායී කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට මෙතෙක් කලක් බරපතළ ගැටළුවක්ව තිබූ අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කරන බවත් ඒ සඳහා නුදුරේදීම මෙරට තුළ පරිසර හිතකාමී සම් පදම් කිරීමේ ක්‍රියාවලියක් අරඹන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ‘පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය 2020’ විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අද මේ රට හුස්ම ගනිමින් සිටින්නේ මේ රටේ නිපදවිය හැකි සියලුම දේට පණ දිය යුතුයි, කියා විශ්වාස කරන නායකත්වයක් යටතේයි. මේ රටේ සියලුම ස්වදේශික කර්මාන්ත සඳහා හිතකර ආර්ථික හා සමාජීය පරිසරයක් ගොඩනැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් නායකත්වය දෙමින් සිටිනවා. එවැනි සුබදායී පරිසරයක් ගොඩනැගී ඇති අවස්ථාවකයි, කර්මාන්ත අමාතශාංශයත් ඒ යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත් ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ එක්ව මෙම ‘පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය 2020’ පවත්වනු ලබන්නේ.

‘ගැටළුවලට ප්‍රායෝගික විසඳුම්’

මා කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි වගකීම භාරගත්තාට පසුව, ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂාප්දකයන්ගේ සංගමය සමඟ සාකච්ඡා කිහිපයක් කැඳවා ඔවුන් හමුවේ වන අභියෝග හා ගැටළු පිළිබඳ අවබෝධ කරගත්තා. ඒ අතරින් ඔවුන්ගේ ප්‍රධානතම ගැටළුවක් වී ඇත්තේ විදේශීය රටවලින් නීතිවිරෝධීව, බදු ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගෙන එනු ලබන පාවහන් හා සම්භාණ්ඩ දේශීය වෙළඳපොළ ආක්‍රමණය කිරීම. මේ තත්වය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ අවධානය යොමු වී තිබෙන අතර විශේෂයෙන් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ පිළිබඳ පියවර ගන්නා ලෙස දැනටමත් උපදෙස් ලබාදී තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී විදේශ රටවලින් නීතිවිරෝධීව පැමිණෙන සම්භාණ්ඩ, දේශීය වෙළඳපොළ ආක්‍රමණය කිරීම නතර වේවි කියා.

‘පරිසර හිතකාමී සම් පදම් කිරීමේ ක්‍රියාවලියක්’

පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන තවත් ප්‍රධානතම ගැටළුවක් තමයි, අමුද්‍රව්‍ය සඳහා වෙනත් රටවල් මත යැපීමට සිදුවීම. ඒ නිසා මෙම කර්මාන්තය ලාභදායී කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාම දුෂ්කර වී තිබෙනවා. ඊට පිළියමක් ලෙස පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංගමය දීර්ඝ කාලයක් තිස්සේ රජයට ඉදිරිපත් කළ යෝජනාවක් කෙරෙහි මගේ අවධානය යොමු වූවා. ඒ අනුව අපි එකඟතාවයකට පැමිණ සිටිනවා, පරිසර හිතකාමී සම් පදම් කිරීමේ ක්‍රියාදාමය හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීමට. ඒ සඳහා සුදුසු ප්‍රදේශයක් පිළිබඳවත් අපගේ අවධානය යොමු වී තිබෙන අතර අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

‘60% ඉහළ දමමු!’

කවර අභියෝග හා ගැටළු තිබුණත් මෙරට පාවහන් හා සම්භාණ්ඩ වෙළඳපොළෙන් 60%ක කොටසක් දේශිය සම්භාණ්ඩ නිෂුපාදකයන් ලෙස ඔබලා විසින් අත්පත් කරගෙන සිටීම පිළිබඳව අපි අවංකවම සතුටට පත්වෙනවා. ඔබගේ ගැටළු හා අභියෝග ජය ගැනීමට රජයක් ලෙස මීට වඩා මැදිහත්වීමක් සිදු කළහොත් ඒ 60%ක ප්‍රතිශතය තව ඉහළට ගෙනඒමට ඔබලාට හැතියාව තිබෙන බවට අපි විශ්වාස කරනවා.

ඒ වගේම මෙරට පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය, දේශීය වෙළඳපොළ අවශ්‍යතාව සපුරා දීම කෙරෙහි පමණක් නොව විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන කර්මාන්තයක් ලෙස ද ඉහළට ඔසවා තැබීම ඔබ අප සැමගේ බලාපොරොත්තුවයි. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය පාර්ශ්වයෙන් කළ යුතු සියල්ල සිදු කිරීමට අපි සූදානම්. ප්‍රදර්ශනයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!”

ඉහත අවස්ථාවට එක්ව සිටි තානාපතිවරුන්, රජයේ නිලධාරීන්, දෙස් විදෙස් ප්‍රදර්ශකයන් අමතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන හා ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී නිමල්සිරි යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය.
2020/02/08

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*