BREAKING NEWS

හලාවත රෝහලේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත පාවහන් කට්ටල 100ක්

ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් හලාවත මූලික රෝහලේ බලධාරීන් සිදු කළ ඉල්ලීමක් සපුරා දෙමින් අද(07) එම රෝහලේ කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා සඳහා ආරක්ෂිත පාවහන් කට්ටල 100ක් භාර දීම සිදු කෙරිණි. මෙම සත්කාරය සඳහා ඔලීමා ඉන්ඩස්ට්‍රිස් පෞද්ගලික ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. කේ. අජිත් ප්‍රියදර්ශන මහතා දායක විය.

ඉහත පී.වී.සී බූට්ස් තොගය අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් හලාවත රෝහලේ අධිකාරී වෛද්‍ය කේ. පී. මල්ලවආරච්චි මහතා හට භාර දීම සිදුකරනු ලැබුවේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන බුද්ධික විමලසිරි හා ආලෝක වාහලවත්ත යන මහත්වරුන් විසිනි. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්සිරි හේරත් මහතා ද එක්විය.

About the Author

Leave a Reply

*