BREAKING NEWS

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “අනුරාධපුර සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් ඔක්තෝබර් මස 15 වැනිදා මාතරින් ඇරඹුණු අතර එහි “අනුරාධපුර සම්ප්‍රාප්තිය” අද(11) සවස අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්විණි.

උත්තර ලංකා සභාගයේ “අනුරාධපුර සම්ප්‍රාප්තිය” සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය සභාපති, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද අනුශාසක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ද අදහස් දැක්වූහ.

උත්තර ලංකා සභාගයේ ‘අනුරාධපුර සම්ප්‍රාප්තිය’ සමුළුවට ‘නිදහස’ ජාතික සභාව නියෝජනය කරමින් පැමිණි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ඡන්න ජයසුමන මහතා සුබපැතුම් එක් කළේය.

පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා විසින් ද ස්තුති කතාව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක ශාමිල් මෙන්ඩිස් මහතා විසින් ද සිදු කරන ලදී.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් අනුරාධපුර දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*