BREAKING NEWS

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද (27) පෙරවරුවේ හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේදී (ඩිපෝව අසල) පැවැත්විණි.

උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” ජනතා සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද අදහස් දැක්වූහ.

එසේම ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, පිවිතුරු හෙළ උරුමයේ නීති ලේකම් නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරු ද මෙම ජනතා සමුළුව ඇමතූහ.
පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමු⁣ණේ හඟුරන්කෙත ආසනයේ සංවිධායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමිපත් දසනායක මහතා විසින් සිදු කරන ලදී.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් නුවරඑළිය දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් ඔක්තෝබර් මස 15 වැනිදා මාතරින් ඇරඹුණු අතර “රුවන්පුර සම්ප්‍රාප්තිය”, “අනුරාධපුර සම්ප්‍රාප්තිය”, හා “මහනුවර සම්ප්‍රාප්තිය” ද මේ වනවිට සිදුව ඇත.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*