BREAKING NEWS

“අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟතාවෙන් සාමූහික තීන්දු ගන්නා, ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතික සභාවක් අද රටට අවශ්‍යයි. නමුත් වත්මන් පාලනය පිහිටුවීමට සූදානම් වන්නේ එවැනි ජාතික සභාවක් නොවෙයි”

“අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟතාවෙන් සාමූහික තීන්දු ගන්නා, ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතික සභාවක් අද රටට අවශ්යයි. නමුත් වත්මන් පාලනය පිහිටුවීමට සූදානම් වන්නේ එවැනි ජාතික සභාවක් නොවෙයි”

-ජානිපෙ නායක විමල් වීරවංශ

වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට සර්වපාක්ෂික එකඟතාවෙන් සාමූහික තීන්දු ගන්නා, ඒ වෙනුවෙන් පෙනී සිටින ජාතික සභාවක් අද රටට අවශ්ය බවත් එවැනි ජාතික සභාවක් පිළිබඳ සංකල්පය මුල් වරට ඉදිරිපත් කරනු ලැබුවේ ස්වාධීන පක්ෂ එකමුතුව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය අප්රේල් 8 වැනිදා බවත් සඳහන් කළ ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන ජාතික සභාව එවැනි භූමිකාවක් ඉටු කිරීම පිණිස පිහිටුවනු ලබන එකක් නොවන බවත් පෙන්වා දුන්නේය.
අද(20) පාර්ලිමේන්තුවේදී පැවති ජාතික සභාවක් පිහිටුවීම පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“ජාතික සභාව පිළිබඳ විවාදයේ දී කරුණු කීපයක් එක් කිරීමට මා කල්පනා කරනවා. මෙම ජාතික සභාව යන සංකල්පය මුල් වරට ඉදිරිපත් කරනු ලැබුවේ ‘ස්වාධීන පක්ෂ එකමුතුව’ විසින්. එම සංකල්පය ඇතුළත් ලිඛිත යෝජනාවලියක් අපි ඉකුත් අප්රේල් 08 වැනිදා හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී අපි ඉදිරිපත් කරනු ලැබුවේ සර්වපාක්ෂික එකඟතාව සහිත ජාතික වැඩපිළිවෙළක් ක්රියාවට නංවන ප්රධානතම ව්යුහය ‘ජාතික සභාව’ හැටියටයි.

ජාතික සභාව පිළිබද සංකල්පය

අපි ඉදිරිපත් කළ සංකල්පයේ තිබුණු ජාතික සභාවෙන් තමයි ජාතික එකගතා පාලනයේ තනතුරු, ඒ කියන්නේ අමාත්ය තනතුරු කීයද, ඒවා මොනවද, ඒවාට පත්විය යුත්තේ කවුද, රාජ්ය ඇමතිවරු අවශ්යද, පාලනය පවත්වා ගෙන යාමට අත්යවශ්ය වෙනත් තනතුරු මොනවාද? යන සියල්ල සාකච්ඡා කොට තීරණ ගත යුතුව තිබුණේ. විශේෂයෙන් තනි පුද්ගලයකු විසින් සියලු තීරණ ගෙන අවසානයේ දී සියලුදෙනාට ඉන් බැටකෑමට සිදුවීම වළක්වා ගැනීමට එවැනි ව්යුහයක අත්යවශ්යතාවක් තිබුණා. හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිදු වුණේ ඒක. තනි තීරණ ගත්තා. දේශපාලන වශයෙන් සැලකිය යුතු පිරිසක් අතර සාකච්ඡාවක් නැති වුණා. ඒ තනි තීරණ වැරදුනාම, එහි වගකීමට සියලුදෙනාට කර ගහන්න සිදුවුණා. ඒ නිසා සාමූහික තීරණ ගන්නත් එම ගනු ලැබූ සාමූහික තීරණ වෙනුවෙන් සියලුදෙනා පෙනී සිටින්නත් අවශ්ය පදනම ඇතිකරගන්න තමයි අපි එදා මේ ජාතික සභාව පිළිබද සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ.

දඩබඩ තීරණය

විධායක ජනාධිපතිවරයාට හිතෙන විදියට වැඩ කරලා ඒ දේවල් හරි ගියා නම් මෙවැනි ව්යුහයක් අවශ්ය වන්නේ නැහැ. දැන් බලන්න එදා කාබනික පොහොර පිළිබඳව ගත්තු දඩබඩ තීරණය දිහා. ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටීමට ගිහිල්ලා එවකට කෘෂිකර්ම අමාත්යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා දේශපාලනික වශයෙන් විශාල හානියක් සිදු කර ගත්තා. දැන් එතුමා කියනවා, ‘මම එහෙම කර ගැහුවා තමයි. නමුත් අහවලා තමයි ඒකේ නිර්මාතෘවරයා.’ කියා. ඒ සංස්කෘතියෙන් අපි මිදෙන්න ඕනෙ. මේ වගේ අර්බුදයකදී සාමූහිකව තීරණ ගන්න ඕනෙ. ඒ සාමූහික තීරණ වෙනුවෙන් සියලුදෙනා පෙනී සිටින්න ඕනෙ.

ජාතික සභාවේ සැබෑ භූමිකාව

නමුත් අද මේ විවාදයට ගැනෙන ‘ජාතික සභාව’ ඉහත කී භූමිකාව ඉටු කිරීම පිණිස පිහිටුවනු ලබන එකක් නොවෙයි. මෙහිදී ජනාධිපති ඇතුළු අමාත්ය මණ්ඩලය තීරණ ගනු ලබනවා. ඒවා ක්රියාවට නංවනු ලබනවා. ඕනෑ නම් මේ කියන ජාතික සභාවට එසේ ගනු ලැබූ තීරණ පිළිබඳව පසුවිපරමක් කරන්න පුළුවන්. නමුත් පෙර දැක්මක් සහිතව කටයුතු කිරීමේ හැකියාවක් මේ ව්යුහයට නැහැ. ඒ නිසා අපි මුලින්ම අවධාරණය කරනවා, ‘මේ යෝජනා කරන ව්යුහය අපි ඉදිරිපත් කරනු ලැබූ ව්යුහය නොවෙයි. අනෙක දැන් ඇත්තේ සර්වපාක්ෂික පාලනයකුත් නොවෙයි. සර්වපාක්ෂික පාලනයක් ඇති කර ගැනීමට ජනාධිපතිවරයා ප්රමුඛ කණ්ඩායමේ උනන්දුවක් නැති බව තමයි අපට පෙනෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු ව්යුහය නොවුණත් මේ ඇති කරන ව්යුහයෙන් දැනට වඩා කිසියම් හෝ ප්රගතිශීලී පැත්තට පෙළඹවීමක් කරන්න පුළුවන්ද, කියා ප්රායෝගිකව උත්සාහ කර බැලීමට අපි සූදානම්’ කියා.

නව නිෂ්පාදන අවකාශය

අද අපේ මුළුමහත් සමාජයම ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ව්යාපාරිකයන් තම ව්යාපාර පවත්වාගෙන යෑමට නොහැකිව අසරණ වෙලා තිබෙනවා. කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත වැසී යන ආකාරය දෙස බලා ඉන්න වෙලා තිබෙනවා. නිදසුනක් ලෙස අද දේශීය පාවහන් කර්මාන්තකරුවාට ඕනෑතරම් ඉල්ලුම තිබෙනවා. නමුත් නිෂ්පාදන දෙන්න අමුද්රව්ය නැහැ. අමුද්රව්ය ගෙන්වාගන්න ඇහුවම බැංකුවේ ඩොලර් නැහැ. රටේ තිබෙන ඩොලර් ටික තෙල් සහ ගෑස්වලට වියදම් කරලා ඉවර වුණාම ඒ ප්රශ්නය ඉවරයි, කියා හිතනවා නම් ඒක වැරදියි. අද ආනයනික භාණ්ඩ ගෙන්වීම නතර වෙලා තිබෙනවා. නව වෙළඳපොළ අවකාශයක් නිර්මාණය වී තිබෙනවා. දේශීය නිෂ්පාදකයාගෙන් අවශ්ය නිෂ්පාදන ඉල්ලා සිටියාට ඒ ඉල්ලුම සපුරන්න ඔහුට අමුද්රව්ය නැහැ.

අමුද්රව්ය ගෙනඒමට පාර කපා දීම

එදා මා කර්මාන්ත අමාත්යවරයාව සිටිය දී රාජ්ය අමාත්යවරයකුව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ එක්ව සති කීපයක් වෙහෙස වී සියලු අදාළ අමාත්යංශවල නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කොට, ඒ වන විට පී. බී .ජයසුන්දර විසින් ආනයනික සීමා පනවා තිබූ භාණ්ඩ ලැයිස්තුව නැවත සමාලෝචනය කරලා කර්මාන්තවලට හානියක් නොවන ලෙස ගෙන්වීමට අත්යවශ්ය දේවල් මොනවාදැයි පෙන්වා දුන්නා. අප ඊට අදාළ වාර්තාව අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් පී. බී. ජයසුන්දර එම වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක වීමට ඉඩ දුන්නේ නැහැ. එදා රටේ ජනාධිපතිවරයා ඒ සියල්ල පිළිබඳව තීරණ ගැනීමේ බලය ලබාදී තිබුණේ පී. බී. ජයසුන්දරටයි. එදා අපි පෙන්වා දුන් ආකාරයට ක්රියා කළා නම් අනවශ්ය ආනයන නතර කරන්නත් පුළුවන්. කර්මාන්තකරුවාට අවශ්ය අමුද්රව්ය ටික ගෙන ඒමට පාර හදලා දෙන්නත් පුළුවන්.

බඩපොත්ත පිටපොත්තට ඇලවීම

දැන් මහ බැංකුව කියනවා, ‘ආර්ථිකය හකුළනවා’ කියා. හරිනෙ ඉතිං, පරිභෝජනය නැත්තටම නැති වුණාම පිටරටින් ගෙන්වීමට අවශ්ය නැහැනේ. මේ රටේ මිනිස්සු ඉන්නෙ එක වේලක් කාලා නම් අමුතුවෙන් ආනයනික ද්රව්ය ගෙන්වීමට අවශ්ය නැහැනේ, ඇදුම්, සපත්තු පිටරටින් ගෙන එන්න ඕනේ නැහැනේ. මේ ආර්ථිකය හකුළනවා, කියන්නේ බඩපොත්ත පිටපොත්තට අලවන එකටද?

නිවට මානසිකත්වය

මේ අර්බුදය පුනරුදයේ අවස්ථාව බවට පත් කරගන්න නම් ඉහත කී නිෂ්පාදන අවකාශයට ඉඩ දෙන්න ඕනේ. නිෂ්පාදකයාට තිබෙන ගැටලුවලට පිළියම් යෙදිය යුතුයි. නමුත් ඒ ගැටලු විසඳනවාට වඩා ජනාධිපතිතුමාට ලොකුයි බකිංහැම් මාලිගාවට ගිහින් රැජිනගේ අවමංගල්ය උත්සවයට සහභාගි වීම. එයට මෙරටින් හත්අට දෙනෙක් ගියා. ඒවාට ඩොලර් තිබෙනවා. නමුත් අසල්වැසි ඉන්දියාව මා දන්නා පරිදි ඒ අවමංගල්ය උත්සවයට යවනු ලැබුවේ එරට ජනාධිපතිවරියගේ නියෝජිතයෙක්. දැන් අපේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල බ්රිතාන්ය කොඩිය අඩකුඹු කරලා. මේ කියන්නේ වීර පුරන් අප්පු, අපේ වෙල්ලස්සේ මුතුන්මිත්තන් මරපු එක හොඳයි කියලයි. අපේ ස්වාමීන්වහන්සේලා අමු අමුවේ මරා දමපු එක හොඳයි කියලයි. මෙරට රාජ්ය පරිපාලන අමාත්යාංශය නිකුත් කළ නිවේදනයේ රැජින ගැන ලියැවෙන්නේ ‘අහවල් කාලයේ සිට අහවල් කාලය දක්වා ශ්රී ලංකාව පාලනය කළ’ කියලයි. මෙවැනි නිවට මානසිකත්වයක් තියාගෙන මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්නේ කොහොමද?

ඉතිහාසය නොදන්න මිනිස්සු

ඔය කියන බ්රිතාන්යය තමයි ඇන්ටන් බාලසිංහම්ව කවාපොවා ඇතිදැඩි කළේ. ඒ අය තමයි අදත් ජිනීවාවල අපේ රණවිරුවන්ට එරෙහිව යෝජනා ගෙන එන්නේ. ඔවුන් තමයි අපේ ඓතිහාසික දැනුම් පද්ධතිය ඇතුළත් පුස්කොළ පොත් ටික කොල්ලකෑවේ, අපේ උඩරට වනාන්තර ටික එළි පෙහෙළි කළේ. අද, ඒ ඉතිහාසය නොදන්න මිනිස්සු නම් මේ රට පාලනය කරන්නේ ඔවුනට මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න පුළුවන් වේවි, කියා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. චින්තන වෙනසකින් තොරව, පරණ විදිහටම සිතමින්, රැජිනගේ අවමඟුලට යන එක තමයි ලොකුම වැඩේ ලෙස දකිමින්, ජනතාවට ආදර්ශයක් නොදෙමින් යන ගමනකින් මේ අර්බුදයට කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැහැ.

බඩගිනි යුද්ධය

මේ ජාතික සභාව හදන එක ගැන අපට ලොකු විශ්වාසයක් නැහැ. ඒ වගේම අප එය ප්රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒ අපි ඒක වියදම් නොයන ව්යුහයක් කියා හිතන නිසයි. තෙල් ටික, ගෑස් ටික ගෙනැවිත් දුන්නාම මිනිස්සු මේ ඇතිව තිබෙන සියලු ගැහැට ඉවසාගෙන ඉඳීවි කියා හිතන්න එපා. ඊළගට යුද්ධ කරන්න පටන්ගන්නේ බඩගින්නයි. බඩගින්නෙ සිටින දරුවන්ගේ තාත්තලාගේ ආවේගය මෙතෙක් පිටවී නැහැ. කලින් ආවේ තෙල් ටික, ගෑස් ටික, විදුලිය නැතිව පීඩාවට පත්වූ මිනිස්සු. බඩගින්න නිසා මෙහෙයැවුණු මිනිස්සු නොවෙයි. ඊළඟට එන්නේ බඩගින්න නිසා මෙහෙයවෙන මිනිස්සු, කන්න නැතිකමට ප්රකෝපකාරීව හැසිරෙන මිනිස්සු. ඒක දැකලා ඒක වලක්වාගැනීමේ සැලැස්මක් තමයි රටට ඕනේ. එහෙම නැතුව ජාතික සභාවක් හැදුවාට වැඩක් නැහැ.

‘එදා වේල ටුවර්ස්’

රනිල් වික්රමසිංහ මහතා අගමැති වුණාම වගේම ජනාධිපති වුණාමත් අපි ඇහුවා, ‘මොකක්ද සැලසුම?’ කියලා. සැලැස්ම දෙන්නම් කිව්වා, මිනි බජට් එකක් ගේනවා කිව්වා. ‘මිනි බජට් එකක්’ කියලා එකක් නම් ගෙනාවා. නමුත් සැලැස්මක් නැහැ. තමන් මුහුණ දී තිබෙන පීඩනයෙන් මුදවා ගැනීමට ආණ්ඩුවට තිබෙන සැලැස්ම මොකක්ද, කියලා දැනගන්න මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද? සැලැස්මක් නැතුව යන ‘එදා වේල ටුවර්ස්වලට’ මේ අර්බුදයට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. අපට පේනවා, ‘දැන් ප්රශ්නය විසඳුණා’ කියලා පොදුජහ පෙරමුණේ මන්ත්රීතුමන්ලා සතුටින් ඉන්නවා. එහෙම හිතෙන එකම තමයි වැරැද්ද.
ප්රජාතන්ත්රවාදය අනතුරෙන් අනතුරට…
ඉහත කී අර බඩගින්නෙ විසින් මෙහෙයවන ඒ මහා අඳුරු තත්ත්වය නිර්මාණය වීමට නොදී මේ වැටෙමින් යන ආර්ථිකය තුළ නිර්මාණය වන නිෂ්පාදන අවකාශය අත්පත් කර ගැනීම සඳහා දේශීය කර්මාන්තකරුවන්ට අවශ්ය වාතාවරණය හදන්න මැදිහත් වන ලෙස ඉල්ලමින් මේ රටේ ප්රජාතන්ත්රවාදය අනතුරෙන් අනතුරට ඇදවට්ටන, විනාශකාරී අනාගත තත්ත්වය ඇති වීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගන්න කියා යෝජනා කරනවා.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022-09-20
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*