BREAKING NEWS

ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් ‘මා ප්‍රොඩක්ට්’ සමාගම ‘ගොරක් – කෝලා’ සහ ‘තල් – කෝලා’ ජනගත කරයි

‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ‘මා ප්රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් අද(11) පානදුර නගර ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ගොරකා ආශ්රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්රිත කෝලා පානයක් වන ‘තල් – කෝලා’ යන නව නිෂ්පාදන ජනගත කිරීම සිදුවිය.

මෙම නව නිෂ්පාදන ජනගත කිරීමට අමතරව ‘maa Product’ ආයතනය ‘ගෞරව උත්තමාචාර ප්රණාම උළෙලක්’ ද සංවිධානය කර තිබූ අතර එහිදී ‘කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා දේශීය කර්මාන්ත ප්රවර්ධනයට ගන්නා පියවරයන් අගයමින්’ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. එසේම ආතර් වී. දියෙස් ශ්රීමතාණන් අගයමින් සම්මාන පිදීමක් සිදු වූ අතර එය එතුමන්ගේ මී මුණුපුරු වෛද්ය එරංග පතිරණ මහතා වෙත ප්රදානය කෙරිණි.

ප්රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්රවීණ චිත්ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්ර, ප්රවීණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පී ලයනල් පීරිස්, ප්රවීණ නිර්මාණවේදී ජ්යෙෂ්ඨ මහාචාර්ය ලයනල් බෙන්තරගේ යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්ර වූහ.

පැමිණි ආරාධිතයන් පිළිගැනීම ‘maa Product සමාගමේ සභාපති මුදිත සමනක්කොඩි මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ, රාජ්ය අමාත්ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2022-02-11
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*