BREAKING NEWS

ඇමති විමල් බෙල්ලන්විල බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනියි !

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා බැලීය.

ඉන් අනතුරුව අමාත්‍යවරයා බෙල්ලන්විල බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය. මෙම අවස්ථාවට බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී ජගත් කිත්සිරි, කැස්බෑව නාගරික මන්ත්‍රී රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*