BREAKING NEWS

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (2nd Regional Conference on Industrial Development (RCID) – 2021 ) අමතා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් සිදුකළ විශේෂ කතාව…

“ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති, අතිගරු ජෝකෝ විඩෝඩෝ මැතිතුමනි,ඉන්දුනීසියානු ජනරජයේ කර්මාන්ත අමාත්ය ගරු ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා මැතිතුමනි,එක්සත් ජාතීන්ගේ, ඉන්දුනීසියානු නේවාසික සම්බන්ධීකාරක ගරු වැලරි ජුලියන්ඩ් මැතිනියෙනි,එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ගරු ලී යොන්ග් මැතිතුමනි,සම්භාවනීය අමුත්තනි,හිතවත් මිත්රවරුනි,

කාර්මික සංවර්ධනය පිළිබඳ මෙම ඉදිරිගාමී සමුළුවට මට ආරාධනා කිරීම ගැන ඉන්දුනීසියානු ජනරජයේ කර්මාන්ත අමාත්ය ගරු ආර්ගස් ගුමුවං කර්තසස්මිතා මැතිතුමා සහ ඉන්දුනීසියානු ජනරජය වෙත මගේ අවංක කෘතඥතාව පුද කරමි.

පළමුවෙන්ම, ශ්රී ලංකාවේ සමස්ත ව්යවසායන්ගෙන් 90% ක් සහ රටේ සමස්ත රැකියා අවස්ථාවලින් 45% ක් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් බවට ඇස්තමේන්තු කර ඇති බව ඔබේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එය ආයතන මිලියනයක් පමණ වන අතර රටේ පවුල් මිලියන 2.25 කට ආසන්න සංඛ්යාවකට ජීවනෝපාය සපයයි.

කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන් සමාජ ආර්ථික අංශවල ප්රධාන කාර්යභාරයක් ඉටු කළද එය ව්යවසායක සංස්කෘතිය හා කුසලතා නොමැතිකම මෙන්ම නවීන තාක්ෂණය කෙරෙහි අවධානය යොමු නොකිරීමෙන් පීඩා විඳිති. එහි ප්රතිඵලයක් ලෙස ව්යවසායකයින්ට ගෝලීය වටිනාකම් දාමයන්ට සහභාගී වීමේ අවස්ථා අහිමි වේ.

තිරසාර සංවර්ධනයේ දී සම්පත් පරිහරණ කාර්යක්ෂමතාව ද ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව අපි කවුරුත් දනිමු. ශ්රී ලංකාව පොහොසත් ස්වභාවික සම්පත්වලින් ආශීර්වාද ලැබුවද, අතිවිශාල විභවයක් තිබුණද, එම සම්පත් සාමාන්යයෙන් ඌන උපයෝජනයට ලක් වේ.

මෙම දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා, අපි දැනට පර්යේෂණ සහ සංවර්ධනය සඳහා අරමුදල් රැස් කිරීම, තාක්ෂණ හුවමාරු යාන්ත්රණ සංවර්ධනය කිරීම, අනෙකුත් රටවල නවීන තාක්ෂණයට කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන් නිරාවරණය කිරීම සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ අලෙවිකරණය සඳහා ආධාරක පද්ධති සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත්තෙමු.

ඊට අමතරව කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකත්ව ආශ්රිත මානව සම්පත් ශක්තිමත් කිරීම සඳහා පාසල් මට්ටමේ සිට ව්යවසායකත්වය දක්වා දක්ෂ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට මගපෙන්වීම තුළින් ව්යවසායකත්ව සංස්කෘතිය වර්ධනය කිරීමටත්, සියලු අංශවල ශ්රම අවශ්යතා හා ඉල්ලුමට සරිලන පුහුණු මොඩියුල සකස් කිරීමටත් අපි අදහස් කරනවා.

මෑතක සිට කොවිඩ් 19 වසංගතයෙන් අප දැඩි ලෙස පීඩාවට පත් වුවද ජාතියක් ලෙස එම අවදානම රතු කලාපයේ සිට හරිත කලාපයට හැරවීමට අපි සමත් වී සිටිමු. වසංගත තත්ත්වයෙන් ඇති විය හැකි බලපෑම් පාලනය කිරීමටත් රටේ සමාජ හා ආර්ථික තත්ත්වයන් යථා තත්ත්වයට පත් කිරීමටත් අපේ රජය ඉදිරි පියවර ගෙන තිබෙනවා.

මේ වන විට, අපි කාර්මික අංශය සඳහා නව ප්රතිපත්තියක් සකස් කරමින් සිටින අතර එහි 4 වැනි කාර්මික විප්ලවය සඳහා වන උපායමාර්ග ඇතුළත් වේ. හිතකර නීතිමය රාමුවක් සඳහා පහසුකම් සැලසීම සඳහා දශක 03ක් පැරණි කර්මාන්ත පනත ද අපි සංශෝධනය කරමින් සිටිමු.

එපමණක් නොව, මෙම කලාපීය සහයෝගිතාව තාක්ෂණ හුවමාරු ක්රියාවලිය වේගවත් කිරීමට, සම්පත් පරිහරණ කාර්යක්ෂමතාවට සහ චක්රීය ආර්ථිකය සඳහා අවශ්යතා වැඩිදියුණු කිරීමට සහ 4 වැනි කාර්මික විප්ලවය සඳහා වන බාලි න්යාය පත්රයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපව මෙහෙයවනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

එසේම, සාමාජිකයින් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී හා සාධාරණ වේදිකාවක් නිර්මාණය කිරීමට මෙම සමුළුව සමත් වනු ඇතැයි ද කලාපයක් ලෙස පොදු කාර්මික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම සහභාගිවන්නන් මෙහෙයවනු ඇතැයි ද මම විශ්වාස කරමි. ගෝලීය මට්ටමින්, කර්මාන්ත සංවර්ධන තාක්ෂණය වැනි අංශවල ධනාත්මක සහයෝගීතාවෙන් ලබා ගත හැකි දේ සහ එය හවුල් ආර්ථිකයේ සැබෑ අර්ථය සක්රීය කරන්නේ කෙසේද යන්න අපි දැක ඇත්තෙමු. එහෙයින් රටක් සහ කලාපයක් වශයෙන්, අප ඉලක්ක කළ යුත්තේ, කර්මාන්ත ක්ෂේත්රයේ අනාගත අවස්ථාවන් ප්රයෝජනයට ගැනීම සහ එක්ව කටයුතු කිරීමයි. එය අපගේ පුරවැසියන්, ව්යවසායකයින්, ආර්ථිකයන් සහ රටවල් හරහා ධනාත්මක බලපෑමක් ඇති කරමින් අපගේ ආර්ථිකයන්හි පැවැත්මට සහ සමෘද්ධිමත් වීමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි.

අවසාන වශයෙන්, කලාපයේ 4 වැනි කාර්මික විප්ලවය සඳහා වන ඔබගේ සියලු උත්සාහයන් පිළිබඳව මගේ හෘදයාංගම අගය කිරීමට මට ඉඩ දෙන්න. මෙම සමුළුවට මට ආරාධනා කිරීම ගැන ඉන්දුනීසියාවේ කර්මාන්ත අමාත්යවරයාට සහ රජයට මම යළිත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

සැමට ස්තුතියි.”

His excellency Joko Widodo, the President of the republic of Indonesia,

Honorable Argus Gumuwang Kartasasmita Minister of industry of the republic of Indonesia,

Honorable MS Valerie Julliand, resident coordinator United nations, Indonesia,

Honorable Me Liyong, Director General of United Nations Industrial Development Organization,

Distinguish guests,

Dear friends,

Let me extend my sincere gratitude to Honorable Agus Gumiwang kartasaamita, Minister of Industry of the Republic of Indonesia and government of Indonesia, for inviting me to this futuristic conference on Industrial development.

First of all, I would like to draw your attention to the fact that in Sri Lanka it is estimated that the small and medium enterprises account for 90% of the total enterprises and 45% of the total employment opportunities in the country. That it is around one million establishments and provide livelihood for nearly 2.25 million families of the country.

Although small and medium enterprises play a pivotal role in the social economic aspects, it suffers lack of entrepreneurial culture and skills as well as lack of attention to modern technology. As a result, entrepreneurs are deprived of opportunities to participate in global value chains.

We all know resource utilization efficiency also plays a prominent role in sustainable development. Even though Sri Lanka is blessed with rich natural resources, and there is tremendous potential, those resources are generally underutilized.

To overcome these difficulties, we are currently focusing on raising funds for research and development, developing technology transfer mechanisms, exposing Small and Medium Enterprises to modern technology in other countries and also developing support systems for quality improvement and marketing.

In addition to that, to strengthen SMES related human resources, we intend to develop entrepreneurial culture by recognizing and guiding talented persons from school level to entrepreneurship and also developing training modules to address the manpower needs and demand in all sectors.

Although we have recently been severely hit by covid 19 pandemic, we have managed to turn around ourselves from red zone to green zone as a nation. Our government have taken further steps to control the potential impact of the pandemic situation and to restore the social and economic conditions in the country.

At present, we are effectively forming a new policy for industrial sector which will include strategies for industrial 4.0, and we are also revising the industrial promotion act which is 03 decades older, to facilitate a favorable legal frame work.

Moreover, I firmly believe regional corporation shall enhance the capability to accelerate the process of technology transfer, improve resource utilization efficiency and requirement for circular economy and lead us to achieve the objectives of the Bali agenda for Industry 4.0.

Also, I believe this conference is capable of creating effective and equitable platform for enhancing corporation among the members and it will lead all participants to achieve common industrial goals as a region. On a global level, we have seen what positive collaboration can yield in sectors such as industry development technology and how it enables the true meaning of shared economy. Hence as a country and a region, we should aim to leverage opportunities and work together to future the proof the industrial sector. I believe that it will help our economies survive and thrive creating a ripple of positive impact across our citizens, entrepreneurs, economies, and countries.

Finally, let me extend my heartfelt appreciation of all your endeavors towards industry 4.0 in the region and I ‘m very much thankful to the minister of industry and government of Indonesia for inviting me to this wonderful gathering.

Thank you.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*