BREAKING NEWS

ඉහළ පෙළේ චීන දූත පිරිස – අගමැති හමුවට ඇමති විමල් එක් වෙයි…

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද 2020.10.09 දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වීමේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ඒක්ව සිටියේය.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා – චීන සහයෝගිතාවය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හමුව පැවැත්විණි.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහත්ම මහත්මීන් ඇතුළු චීන දූත පිරිස එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*