BREAKING NEWS

පාස්කු දින ප්‍රහාරයට අනුබල දීමට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදින් යන අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීම පිළිබද පූර්ණ පරීක්ෂණයක් පවත්වා ත්‍රස්තවාදයට අනුබල දුන් රියාජ් බදියුදින් යන අය නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ලෙස අප විසින් අතිගරු ජනාධිපතිතුමාගෙන්,
ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

| විමල් වීරවංශ

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*