BREAKING NEWS

ඖෂධ නිෂ්පාදන අංශය සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහය ලබාදීමට උපදේශන කමිටුවක් පත් කෙරේ…

ඖෂධ නිෂ්පාදන අංශයේ කර්මාන්තවල ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (07) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

කර්මාන්ත ක්ෂේත්ර වලට අදාළව කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමත්, එම කර්මාන්ත සදහා සහය ලබාදෙමින් කර්මාන්ත ක්ෂේත්ර නගා සිටුවීමත් අරමුණු කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්ර 20ක් උදෙසා උපදේශක කමිටු පිහිටුවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ 08 වන කමිටුව ලෙස මෙම කමිටුව පිහිටුවන බව සහ වත්මන් රජය ඖෂධ වර්ග බොහොමයක් ආනයන සිමා පනවා තිබීම තුළින් දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට අවස්තාව ලැබී ඇති අතර ඒ වෙනුවෙන් දේශීය ඖෂධ නිෂ්පාදකයා සුදානම් විය යුතු බවත් දේශීය ඖෂධ නිෂ්පාදකයින් අමතා ඇමතිවරයා කියා සිටියේය.

ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවන් මුහුණපා ඇති බදු ප්රතිපත්ති, අපනයන සදහා පනවා ඇති බදු ඇතුළු ගැටළු කිහිපයක් පිළිබදව ඔවුන් ඇමතිවරයා දැනුවත් කල අතර ඖෂධ කර්මාන්ත ක්ෂේත්රය ආශ්රිත කර්මාන්ත ප්රතිපත්තියක අවශ්යතාවද මෙහිදී සාකච්ජාවට බදුන් කෙරිණි. එම ගැටළු විසදා ගැනීම වෙනුවෙන් ඉදිරියේදී කර්මාන්තකරුවන්, කර්මාන්ත අමාත්යංශය, සෞඛ්ය අමාත්යංශය අතර සාකච්ජාවක් පැවැත්වීමට සුදානම් කරන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. රෝහල් සදහා ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදන ලබාදීමේ හැකියාව පිළිබදව කර්මාන්තකරුවෝ ඇමතිවරයා දැනුවත් කල අතර ඒ සදහා ඉදිරියේදී කර්මාන්ත අමාත්යාංශය වශයෙන් සහය ලබාදීමට සුදානම් බව අමාත්යවරයා පැවසිය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට, අතිරේක ලේකම් එස්.එල් නසීර්, රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරින්, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ඇතුළු ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවෝ පිරිසක් ද එක්ව සිටිය හ.

මාධ්ය ඒකකය

කර්මාන්ත අමාත්යංශය

2021.01.07

#WimalWeerawansha #MinistryofIndustries

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*