BREAKING NEWS

කටුනායක-කටාන ට සංචාරක ආකර්ෂණය සහිත හරිත කර්මාන්තපුරයක්…

කටුනායක – කටාන ප්රදේශයේ අක්කර 100කට වැඩි භූමියක සංචාරක ආකර්ෂණය සහිත හරිත කර්මාන්තපුරයක් ඉදිකිරීමට යෝජිත ස්ථානය අද (22) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා ඇතුළු නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.

කටුනායක ගුවන් තොටුපළට ආසන්නව මෙම යෝජිත කර්මාන්තපුරය පිහිටි ස්ථානය ඇති අතර විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගත හැකිවන හරිත කර්මාන්තපුරයක් එම ස්ථානයේ ඉදිකිරීමට යෝජිතය. කර්මාන්තපුරයට සමගාමීව සංචාරකයන් සදහා වෙළද සංකීර්ණයක් ද ඉදිකිරීමට නියමිතය. එමගින් කර්මාන්තපුරයේ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන සෘජුවම අළෙවි කිරීමට අවස්තාවක් සැළසේ. කඩිනමින් මෙම කර්මාන්තපුරයේ මූලික වැඩ කටයුතු ආරම්භකොට සංචාරක ආකර්ෂණය සහිත දේශීය නිෂ්පාදකයන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් සහ විකිණීම යන දෙකම කරගත හැකිවන කර්මාන්තපුරයක් නිර්මාණය කරන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාතංශයේ අධ්යක්ෂක වින්දික පියරත්න, අමාත්යංශයේ ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ ලේකම් ලලන්ත ගුණසේකර, අතිරේක දිස්ත්රික් ලේකම්, ප්රදේශීය ලේකම් තුමිය ඇතුළු රාජ්ය නිලධාරින්, කර්මාන්ත අමාත්යංශයේ නිලධාරීන් සහ ප්රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*