BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන කර්මාන්තපුර ගණන තවදුරටත් වැඩි කරමින් නව කර්මාන්තපුර කිහිපයක් පිහිටුවීමට පියවර…!

කර්මාන්ත අමාත්යාංශය යටතේ දැනට ක්රියාත්මක කර්මාන්තපුර 32 තවත් පුළුල් කරමින් නව කර්මාන්තපුර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (13) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විනි.

කර්මාන්ත අමාත්යාංශය යටතේ දැනට ක්රියාත්මක කර්මාන්තපුර 32න් බස්නාහිර පළාත තුළ කර්මාන්තපුර 8ක් ක්රියාත්මක කරනු ලබයි. ඒවායේ ධාරිතාව දැනට ඉක්මවා ඇති අතර නව කර්මාන්තකරුවන් 165කට වැඩි ප්රමාණයක්, නව රැකියා අවස්ථා 1500 ක් පමණ නිර්මාණය කරමින් නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා බස්නාහිර පළාත තුළින් කර්මාන්තපුර තුළ අවස්ථාව ඉල්ලුම් කර ඇති අතර ඒ අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම සාකච්ජාව පැවත්විය.

නව කර්මාන්තපුර ඉදිකිරීම සඳහා හදුනාගෙන ඇති පාලින්දනුවර, මාතර වැලිපිටිය චාලි මවුන්ට්, මතුගම වැලිපැන්න, මතුගම නාරවිල යන ප්රදේශයන්ගේ ඉඩම් ඒ සඳහා යොදාගැනීමට අවශ්යය කටයුතු සම්පාදනය කිරීම, ඉඩම් පවරා ගැනීම, යටිතල පහසුකම් සැකසීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදි සාකච්ඡා විය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අධ්යක්ෂක වින්දික පියරතන, ඉඩම් අමාත්යාංශය, වැවිලි කර්මාන්ත අමාත්යාංශය සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.10.13
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*