BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සාර්ථක ව්‍යවාසයකයකු බිහිකිරීමේ වැඩපිළිවෙළ යටතේ පුහුණුව ලැබූවන්ට සහතිකපත් සහ උපකරණ කට්ටල ලබාදෙයි…

කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ අදහසකට අනුව කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් බිහි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය මගින් ක්රියාත්මක කරනු ලබන පර්ෂද සංවර්ධන වැඩසටහන යටතේ පාවහන් නිෂ්පාදන ක්ෂේත්රයට අදාළ පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන්ට සහතිකපත් සහ උපකරණ කට්ටල ලබාදීම අද (01) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්යවරයාගේ උපදෙස් පරිදි මෙවර මුල්ලේරියාව ප්රදේශයේ තෝරාගත් රැකියා විරහිත මෙන්ම ව්යසායකයෙකූ වීමට කැමැත්ත ඇති කාන්තාවන් 15 දෙනෙකු වෙනුවෙන් මෙම කාන්තා පාවහන් පුහුණු වැඩසටහන පැවැත්විණි. ඒ සදහා අවශ්ය පුහුණුව ලබාදීම ශ්රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනය (SLITA) විසින් සිදුකරන ලදි. එහිදී පුහුණුලාභීන්ට නවීන තාක්ෂණික දැනුම සහ පුහුණුව ලබාදීම සිදුකළ අතර ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය විසින් ඉදිරියේදී පුහුණුලාභීන්ට අවශ්ය මගපෙන්වීම සහ වෙළදපොළ සම්බන්ධීකරණය සිදු කිරීමට නියමිත ය.

මහා පරිමාණ නිෂ්පාදකයන් පමණක් නොව වර්තමානයේදී මෙම ක්ෂේත්රය ආශ්රිතව සුළු හා මධ්යම පරිමාණ ව්යසායකයින් බිහිවෙමින් පවතින යුගයක දේශීය වෙළදපොළ පමණක් නොව විදෙස් වෙළදපොළ ද ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකරමින් තමන් ලැබූ පුහුණුවෙන් විවිධ දුෂ්කරතා මැද වුව සාර්ථක ව්යවසායකයකු ලෙස ඉදිරියට යාමට අවශ්ය සියලු සහාය ලබාදීමට කර්මාන්ත අමාත්යාංශය, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය, සහ කර්මාන්ත අමාත්යවරයා වශයෙන් තමනුත් සුදානම් බව පිරිස අමතමින් අමාත්යවරයා කියා සිටියේය. එසේම ඔවුන් වෙනුවෙන් පොදු පාවහන් වෙළදපොළක් ඇති කිරීමට අවශ්ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ශ්රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් සරත් ප්රනාන්දු, සම්පත් දායකත්වය සැපයු සරත් විජයබාහු සහ රුක්ෂිනි යන මහත්ම මහත්මීහු, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ වැඩසටහනේ ප්රතිලාභීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-02-01
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*