BREAKING NEWS

කර්මාන්ත ඇමති උපදෙසින් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) කෘතිම ස්වසන යන්ත්‍ර (Ventilator) සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට අතහිත දෙයි…!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර්(Ventilator) සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසානායක මහතා පවසයි.

ඒ අනුව කොවිඩ්-19 වෛරසයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට අත්‍යවශ්‍ය වන සායනික වෙන්ටිලේටර් (Ventilator) නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේද පීඨයේ ශිෂ්‍යයකු වන අශාන් කුමාර මහතාට මූලික සාම්පලය සැකසීම සඳහා මේ වන විට අවශ්‍ය පහසුකම් සිය ආයතනය තුළ සලසා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය

අදාළ තාක්ෂණවේද පීඨ ශිෂ්‍යයාට සිය කටයුතු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එම පීඨයේ ආචාර්යවරුන්ගේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුගේ ද සහයෝගය ද ලැබී ඇති බවත් මූලික සාම්පලය තව සතියක කාලයක් තුළ නිම කරනු ඇති බවත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Ventilator නිර්මාණය කිරීමට සහාය බලාපොරොත්තු වන නිර්මාණකරුවන්ට සහාය දැක්වීමට තම ආයතනය සූදානම් බවත්, ඒ සඳහා ආයතනයේ සභාපති උපසේන දිසානායක මහතා 0774569098 ඔස්සේ අමතන ලෙසත් IDB ආයතනය දැනුම් දෙයි.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය
2020.03.28

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*