BREAKING NEWS

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශයට අයත් ආයතනයන්හී, ආයතන ප්‍රධානීන් හමුවෙයි.

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශයට අයත් ආයතනයන්හී, ආයතන ප්‍රධානීන් හමුවෙයි.

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා, අතිරේක ලේකම්වරුන් ප්‍රධානව, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන වල අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, අධ්‍යක්ෂකවරුන්, සාමාන්‍යාධිකාරිවරුන් සහ ගණකාධිකාරිවරුන්ගේ සහභාගිත්වයෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ සහ ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආයතන ප්‍රධානීන්ගේ හමුවක් අද(13) කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ නම්කර ඇති විෂය පථයට අදාළ ආයතන ප්‍රධානීන් සිය ආයතන පිළිබදවත්, එහි කාර්යභාරය,වර්ථමාන තත්වය සහ ඒවායේ ඇති ගැටළු පිළිබදවත් ගරු ඇමතිවරයා දැනුවත් කළේය. ඇමතිවරයා එහිදී ප්‍රකාශ කලේ අදාළ ආයතන ප්‍රධානීන් සමග ඉදිරියේදී නැවතත් වෙන් වෙන් වශයෙන් සාකච්චාකොට ගැටළු වලට විසදුම් ලබාදීමට සහ රාජ්‍ය ව්‍යවසාය නගාසිටවීම පිළිබද සාකච්චා කිරීමට තමන් අදහස් කරන බවයි.

මෙහිදී ආයතන ප්‍රධානීන් ඇමතු ඇමතිවරයා කියා සිටියේ අමාත්‍යාංශයට අයත් ආයතන සාර්ථක තත්වයට පත්කරවා ගැනීමේ අභියෝගයක් තමන්ට ලැබී ඇති අතර එම අභියෝගය තමන් ඉතා සතුටින් භාරගන්නා බවයි. ආයතන ප්‍රධානීන් වශයෙන් සෘණාත්මකව නොසිතා ධනාත්මකව සිතමින් දේශීය කර්මාන්තය නගාසිටවීමේ අරමුණින් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මෙහිදී ඇමතිවරයා පැවසීය. තමන් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව ඉලක්ක කරා යෑමට බලාපොරොත්තු වන බවත් තමන්ට ලැබී ඇති කාලසීමාවේ රාජ්‍ය ව්‍යවසාය නගාසිටවීමේ අරමුණ හැකි උපරිමයෙන් තමන් විසින් ඉටුකරන බවටත් එම ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය සියලු දෙනාගෙන්ම තමන් බලාපොරත්තු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*