BREAKING NEWS

“කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” ජනවාරි 28, 29, 30 තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී…

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී 2022 ජනවාරි 28, 29, 30 යන තෙදින පුරා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

“කර්මාන්ත 2022:ජාතික කර්මාන්ත ප්රදර්ශනය” පිළිබදව මාධ්ය දැනුම්වත් කිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අද(17) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුරේ දී පැවැත්වූ විශේෂ මාධ්ය හමුවට සහභාගී වෙමින් කර්මාන්ත අමාත්යවරයා මෙසේ පැවසීය.
මෙම ජාතික කර්මාන්ත ප්රදර්ශනය, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ඇරයුමෙන්, 2022 ජනවාරි 28 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්ය ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා (Agus Gumiwang Kartasasmita) ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
මේ වන විට කර්මාන්ත අමාත්යංශය යටතේ උපදේශක සභා පිහිටුවා ඇති කර්මාන්ත ක්ෂේත්ර 20ම ආවරණය වන පරිදි මෙරට ඉදිරිපෙළ දේශීය කර්මාන්තකරුවන්ගේ සහභාගීත්වයෙන් ප්රදර්ශන කුටි 300ක් මෙම ප්රදර්ශනයට ඇතුළත් ය.
ඊට සමගාමීව ඉහත කී කර්මාන්ත ක්ෂේත්ර 20ම නියෝජනය වන පරිදි ක්ෂුද්ර, කුඩා, මධ්ය පරිමාණ හා මහා පරිමාණ යන අංශ යටතේ දේශීය කර්මාන්ත හා රාජ්ය ව්යවසායන් අතුරින් තෝරාගත් විශිෂ්ටතම කර්මාන්ත සඳහා සම්මාන ප්රදාන උළෙලක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
මෙහිදී “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්රදර්ශනයේ” නිල ලාංඡනය එළිදැක්වීම සහ ජාතික කර්මාන්ත ප්රදර්ශනයේ අනුග්රාහකත්වය සඳහා ඉදිරිපත්ව සිටින කර්මාන්තකරුවන්ට ඇගයීම් සහතිකපත් ප්රදානය ද කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය.

මෙම මාධ්ය හමුවේ දී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානයක මහතා “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්රදර්ශනයෙහි” අරමුණු පැහැදිලි කළ අතර මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඇතුළු මූල්යායතන ප්රධානීහු පිරිසක් ද ප්රමුඛ පෙළේ දේශීය කර්මාන්තකරුවෝ පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය,
2021.12.17
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*