BREAKING NEWS

උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තබා රටක් ලෙස පෙරට යමු..!

උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තබා රටක් ලෙස පෙරට යමු..!

කෘෂිකර්මාන්තයේ නියැලී සිටි හින්දු බැතිමතුන් තමන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිදුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් ඇරඹූ බව කියැවෙන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.

හින්දු බැතිමතුනට තෛපොංගල් දිනයත් සමඟ උදාවන්නේ නව වසරකි. එහෙයින් උදා වූ නව වසරත් සමඟම සුබ කටයුතු, නව බලාපොරොත්තු හද පුරවාගත් ශ්‍රී ලාංකේය හින්දු බැතිමතුන්ට ප්‍රථම කොටම සුබ නව වසරක් වේවා’යි අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම් එක්කර සිටින්නෙමු.

මීට දස වසරකට පෙර ශ්‍රී ලාංකේය අප සතු වූයේ යුද්ධයේ අදුරු සෙවනැලිවලින් වැසී ගිය රටකි. ඉන් මිදුණු අපි ඒ අදුරු මතකයන්ට පසුව පෙරට ගමන් කරමින් සිටියෙමු. ඒ ගමනට ද ජාතික සමගියට සැමදා අඩ තබන දෙස් විදෙස් බලවේග ගෙවී ගිය වසර හතරහමාර තුළ බාධා කළහ. නමුත් අප මේ වසර අරඹන්නේ ඒ බාධා කළවුන් පරදවමින් නව යුගයකට සැරසෙමිනි. පටු ජාතිවාදී, බෙදුම්වාදී, ”හලාහල වස” පොවමින් ජාතික සමඟියට බාධා කරන්නවුන් පරදවමින් උතුරත් – දකුණත් එකම හුයකින් බැඳ තබා පෙරට යාමට අත්වැල් බැඳ ගැනීමට අදිටන් කර ගන්නා ලෙස ශ්‍රී ලාංකේය හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම)
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර , ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
2020.01.15

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*