BREAKING NEWS

කළුතර ‘මිල්ලනිය කර්මාන්තපුරයේ’ කටයුතු කඩිනමින් කීරීම පිළිබද විශේෂ සාකච්ජාවක්…

කර්මාන්ත අමාත්යාංශය විසින් කළුතර මිල්ලනිය ප්රදේශයේ ඉදිකරමින් පවතින ‘මිල්ලනිය කර්මාන්තපුරයේ’ කටයුතු කඩිනම් කරමින් ආයෝජන සහ කර්මාන්ත සදහා අවශ්ය පහසුකම් සලසා ගැනීම පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (01) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.

මිල්ලනිය කර්මාන්තපුරයේ කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා අවශ්ය පහසුකම් සැලසීම, ප්රවේශ මාර්ග පහසුකම් සැලසීම, ජලය, විදුලිය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැලසීම සහ ඉදිරි ව්යාපෘති කාලරාමුව පිළිබදව මෙහිදී සාකච්ජා කරන ලදි. රාජ්ය ආයතන නියෝජනය කරමින් පැමිණ සිටි ඉඩම් අමාත්යාශය, මධ්යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තෙමේන්තුව, විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ආයතන මගින් කර්මාන්තපුරය කඩිනම් කිරීමට අවශ්ය පහසුකම් ඉක්මනින් සලසා ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා විය.

හරිත සංකල්පය යටතේ ක්රියාත්මක වීමට නියමිත මිල්ලනිය කර්මාන්තපුරයට ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් තෝරා ගැනීමේදී පරිසරයට සිදුවන හානිය අවම වන කර්මාන්ත තෝරා ගැනීමට අමාත්යවරයා උපදෙස් ලබාදුන්නේ ය. එසේ ම කර්මාන්තපුරය ආශ්රිත ඉඩම්වල වන වගාව සහ පළතුරු වර්ග වගා කරමින් , ජල මුලාශ්ර සුරකිමින් හරිත කර්මාන්ත පුරවරයක් බවට මෙය පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස නිලධාරින් අමතමින් අමාත්යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලලිත් එල්ලාවල, ප්රදේශය නියෝජනය කරන දේශපාලන නියෝජිතවරු, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අධ්යක්ෂ (කර්මාන්ත සංවර්ධන) වින්දික පියරත්න, රාජ්ය ආයතන නියෝජනය කරමින් ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකයකර්මාන්ත අමාත්යාංශය2021.12.01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*