Previous Story
“කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැහැ” – කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ
Posted On 20 Oct 2020
Comment: 0
මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මෙරට පිහිටි කර්මාන්ත ශාලාවක තාක්ෂණික හෝ වෙනයම් කටයුත්තක් සඳහා විදේශිකයන් ගෙන්වයි නම් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්තශාලා එම මණ්ඩලයේ අනුමැතියද එසේ නොමැති කර්මාන්තශාලා සඳහා කර්මාන්ත අමාත්යංශයේ ද අනුමැතිය ලබා ගත යුතු බව අමාත්යවරයා පැහැදිලි කළේය.
ඇඟළුම් කර්මාන්තශාලා කොවිඩ් වසංගතය හමුවේ බරපතල ප්රශ්නයකට මුහුණු දී ඇති බවත් ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් මඟින් කොරෝනා වසංගතය නැවත පැතිර යාමක් සිදු වූවේදැයි පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳුනිල් මහතා අසන ලද වාචික ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.