BREAKING NEWS

දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට කර්මාන්ත ඇමති විමල් මැදිහත් වෙයි!

දේශීය ඖෂධ නිෂ්පාදකයින් මුහුණ දි ඇති ගැටළුවලට විසදුම් ලබාගැනීමේ අරමුණෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛය රාජ්‍ය ආමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ඉල්ලීම පරිදි කර්මාන්ත ආමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද(19) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විය.

රටේ පවතින තත්වය සමග දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ජනතාවගේ උනන්දුවක් ඇති වී තිබෙන බවත්, දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීමට එමගින් ඉඩක් විවරව ඇතත් ඒ සදහා පවතින ගැටළු විසදා ගැනීමේ අරමුණෙන් මෙම සාකච්ජාව පවත්වන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දේශීය ඖෂධ නිෂ්පාදකයින් මේ වනවිට මුහුණපා ඇති ප්‍රධානම ගැටළුව වන්නේ අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම බව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

දේශියව සොයාගන්නා අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමිතියට සකසා ගැනීමට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත්වන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්ත ආමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගෙන් ඉල්ලා සිටි අතර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට සිය උපරිම සහාය ඒ වෙනුවෙන් ලබාදිය හැකි බව පැමිණ සිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසීය.

සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් සංචාරක හෝටල් ආශ්‍රිතව දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමට ඇති හැකියාව ද මෙහිදී සාකච්ජාවට බදුන් විය. දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට අවශ්‍ය වන ඇසුරුම් උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බලා හැකි ඉක්මනින් ඒ සදහා අවශ්‍ය කටයුතු කරන ලෙසත් ඉදිරියේදී කමිටුවක් පත්කොට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසත් ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම සාකච්ජාවට ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර,, ඖෂධ නිෂ්පාදන උපදේශක සභාවේ සභාපති ශාලුක අතාවුද, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*