BREAKING NEWS

කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කර්මාන්ත ක්ෂේත්ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 13 වන උපදේශක කමිටුව ලෙස කුළුබඩු ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ක්ෂේත්රයට අදාළ ආයතන සහ එම ක්ෂේත්රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (25) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

දේශීය කුළුබඩු ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රගතිය සදහා අවශ්ය වැඩපිළිවෙළ සැකසීම මෙම උපදේශන කමිටුවේ ප්රධාන අරමුණ බව අමාත්යවරයා කර්මාන්තකරුවන් හමුවේ කියා සිටියේය. දේශීය නිෂ්පාදකයා සදහා වැඩි අවස්ථාවක් ලැබී ඇති පසුබිමක දේශීය කුළුබඩු අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමේ ඇති වැදගත්කම පිළිබදව අමාත්යවරයා පෙන්වා දෙන ලදී. කුළුබඩු නිෂ්පාදන අගය එකතුකොට අපනයනය සදහා වැඩි වශයෙන් කර්මාන්තකරුවා උනන්දු කරවීම සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දේශීය කුළුබඩු අපනයනය කිරීමේදී මුහුණදෙන ගැටළු, අපනයනයේදී අවශ්ය ජාත්යන්තරව පිළිගත හැකි ප්රමිතියක් ලබා ගැනීම, පර්යේෂණ ආයතනවල අවශ්යතාව වැනි ගැටළු ගණනාවක් පිළිබදව මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය. ඉදිරියේදී මෙම උපදේශක කමිටුව හරහා ඒවා විසදා ගැනීමට අවශ්ය වැඩපිළිවෙළ සකසන බව අමාත්යවරයා කර්මාන්තකරුන්ට කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට, අතිරේක ලේකම් එස්.එල් නසීර්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්රී ලංකා ප්රමිති ආයතනය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2020-02-25
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*