BREAKING NEWS

කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකය එළි දැක්වීම.

කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකය එළි දැක්වීම.

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය(SLITA) මගින් මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශය සමග එක්ව, ඉවත දමන කෙසෙල් ගසේ කදෙන් ලබාගන්නා කෙසෙල් තන්තු උපයෝගී කරගනිමින් රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන තුළින් නිෂ්පාදනය කරන ලද ඇදුම් එළිදැක්වීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(27) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

එමෙන්ම ළදරුවන්ගේ ඇදුම්වල සෞඛයාරක්ෂිත බව සහතික කිරීමේ ‘හොද ඇදුමක්-සුව දිවියක්’ වැඩසටහනට අනුව ළදරු ඇදුම් සදහා ‘ජාතික සෞඛ්‍ය ආරක්ෂක සහතිකය” නමින් රජයෙන් සහතිකයක් ලබාදීමේ වැඩසටහන එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි. ඒ අනුව ඉදිරියේදී ළදරු ඇදුම් සදහා ශ්‍රී ලංකා පේෂකර්ම ඇගළුම් ආයතනයේ අනුමත සලකුණක් පැළදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා, අතිරේක ලේකම්තුමන්ලා , ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශ ප්‍රධානීන් ඇතුළුව ඇගළුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරීකයින් රැසක් ද සහභාගි වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*