BREAKING NEWS

“ජනතාවට වැදගත් වන්නේ රට හදන්න නායකත්වය දෙන්න පුඵවන්ද, ඒකට මොළය තිබෙනවාද? කියන එකයි’

“ජනතාවට වැදගත් වන්නේ රට හදන්න නායකත්වය දෙන්න පුඵවන්ද, ඒකට මොළය තිබෙනවාද? කියන එකයි’

– ජානිපෙ නායක විමල් වීරවංශ

ජනාධිපතිවරයා මන්දිරයේ වාසය කරනවාද, නැද්ද යන්න ජනතාවට වැදගත් නොමැති බවත් ඔවුන්ට වැදගත් වන්නේ ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නා තැනැත්තාට රට හැදීමට නායකත්වය ලබාදීමට හැකියාව සහ දැනුම තිබේද, යන්න පමණක් බවත් පෙන්වා දුන් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා මෙරට ජනතාව යළි කෙදිනකවත් ‘මෝස්තරකාර පූච්චානම් කතා සාප්පුවලට’ නොරැවටෙන බව තම විශ්වාසය බවත් සඳහන් කළේය.

ඊයේ (05) යටියන්තොට තැලිගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙසේ සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘හොරකම හොඳහැටි වගා කළා’

“ධාරානිපාත වර්ෂාව මැද්දේ පැමිණ මේ ගෝඨාභය රාජපක්‍ෂයන් දිනවන ජනහමුවට සහභාගි වූ ඔබ සැමට ඒ කැප කිරීම වෙනුවෙන් මාගේ ශීර්ෂ ප්‍රණාමය පුදකර සිටිනවා. මේ යහපාලන පස් අවුරුදු සාපය අවසන් කිරීමේ නැකත උදා වී ඇත්තේ නොවැම්බර් 16 වැනිදායි. එදා යුද්ධය තිබියදී පවා මේ රටේ ආර්ථික වර්ධන වේගය 6.5%ක අගයක පැවතුණා. අද රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ එය 2.7% ක් දක්වා පහළ වැටී තිබෙනවා. තේ, රබර් වැනි අපනයන බෝගවලට, ගම්මිරිස්, කුරුඳු, එනසාල්, සාදික්කා වැනි සුඵ අපනයන බෝගවලට අද නිසි මිලක් නැහැ. මේ අය ආර්ථිකය හතරගාතෙන් ඇද වැට්ටුවා පමණක් නොවෙයි, මහා පරිමාණ හොරකම් හොඳ හැටි ‘වගා’ කළා. මහ බැංකුව කොල්ලකමින් ඇරඹූ ‘සුද්ධය’ අද සෑම රාජ්‍ය ආයතනයක්ම ‘ලෙල්ලටම’ කොල්ලකන තැනට ඇවිත් ඉවරයි. ඒ කාබාසිනියා කිරීම නිසා තමයි මේ ආණ්ඩුවේ පළමුවැනියා සහ දෙවැනියා ජනතාව ඉදිරිපිටට ඇවිත් ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලන්නේ නැත්තේ.

‘පරදින ජොකියා’

හරියට ආණ්ඩු කළා නම් අගමැති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉල්ලන්න තිබුණා. නමුත් එයා හොඳටම දන්නවා මේ ආණ්ඩු කෙරුවාව එක්ක ඡන්දයට ඉදිරිපත් වුණොත් පරදින බව. ඉල්ලුවොත් පරදිනවා, පක්‍ෂ නායකත්වයත් නැතිවෙනවා. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්‍ෂ නායකත්වය තියාගෙන පරදින ‘ජොකියකුට’ ඉල්ලන්න දුන්නේ. පරදින ජොකියා තමයි සජිත් ප්‍රේමදාස.

‘සජිත් ඇතුළෙන්ම පරද්දනවා’

සජිත් පැරදුනාම එයාට ‘ආර්යාවත්’ එක්ක ගෙදරම යන්න වෙනවා. රනිල් පක්‍ෂ නායකකම තියාගෙන ඉදිරි මහ මැතිවරණයේදී විපක්‍ෂ නායක ධුරයත් ලබා ගනීවි. දැන් බලන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සහෝදරයාට අයත් ටී.එන්.එල් නාලිකාව කටයුතු කරන විදිහ. ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්තයාව ප්‍රචර්ධනය කරනවාද? නැහැනේ. ඒකෙන්ම පේනවා සජිත්ව දාලා තියෙන්නේ පරද්දන්න බව. සජිත්ව පරද්දන්න අපි ඕනෙ වෙන්නේ නැහැ, එයාව පරද්දන්නේ ඇතුළෙන්මයි. ඒ හින්දා අපේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂයන් සටනට එන විටම ප්‍රතිවාදියාගේ නලලේ පරාජය ‘කොටලා’ තිබෙනවා. ඒ හින්දා තමයි නඩු දමලා ගෝඨාභය රජපක්‍ෂයන් එන එක නතර කරන්න හදන්නේ. ‘පුරවැසිභාවය’ තිබෙනවාද, කියා බලන්න එන්ජීඕ ඩොලර් කාක්කන් ලවා නඩු දැම්මාම මොකද වුණේ? නඩුව අහන්නේ නැතිවම නිෂ්ප්‍රභ කළා. ‘ඩිස්මිස්’ වුණා. අභියාචනාධිකරණ විනිසුරුතුමන්ලා තිදෙනාම ඒකමතිකව නඩුව නිෂ්ප්‍රභ කළා. ජනාධිපතිවරණවලදී ඡන්දයෙන් පරද්දනවා මිස මීට කලින් නඩු දමලා තම ප්‍රතිවාදියා සටනට එන එක නතර කරන උත්සාහයක් තිබුණේ නැහැ. නමුත් දැන් කොතරම් බය වෙලාද, කියනවානම් ප්‍රතිවාදී අපේක්ෂකයාට නඩු දමන තැනට මේ අය පල්ලම් බැහැලා.

‘කොන්ද පණ ඇති නායකයෙක්’

මේ රටේ ජනතාව අද කොන්ද කෙළින් තියාගෙන වැඩ කළ හැකි, සෘජු තීරණ ගන්නා නායකයෙක් ඉල්ලනවා. අපේ කිරිසප්පයන්ගේ ජීවිතවලට සහරාන්ලාට පමණක් නොවෙයි ඔවුන්ගේ අවතාරවලටවත් අබමල් රේණුවකවත් හානියක් කළ නොහැකි නායකයෙක් අපට උවමනා වී තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ කෙලින් තීරණ ගන්නා නායකයෙක් බව ඔප්පු කරලා ඉවරයි. අපට අමතක නැහැ, එතුමා ආරක්‍ෂක ලේකම් ධුරයට පත් කිරීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් කටයුතු කළ මොහොත. ඒ මොහොතේ පටන් වෙහසිලා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය මනා ලෙස කළමනාකරණය කරලා තිස් වසරක් තිස්සේ ඇදී ගිය යුද්ධය වසර දෙකහමාරකින් නිමා කරලා දෙන්න ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා කටයුතු කළා. ගෝඨාභය කියන්නේ ‘කටින් බතල හිටුවන’ නායකයකු නොවෙයි.

‘ශ්‍රී මුඛයෙන් කතා කිරීම’

‘හත්වලාමේ’ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ‘ශ්‍රී මුඛයෙනුත්’ කතා කරන්න පටන් අරන්. (ජනතාවගේ හූ හඬ) ලොව්තුරා බුදුරජාණන්වහන්සේට පමණයි ‘ශ්‍රී මුඛය’ යන වචනය යොදාගැනීමේ අයිතිය තිබෙන්නේ. මුඵමහත් ලෝකයම නිවා සනසාලූ, නිර්මල, සත්‍ය ධර්මය දෙසා වදාරන ලද හෙයින් තමයි අපි ‘ශ්‍රී මුඛයෙන් දෙසා වැදෑරූහ’ කියන්නේ. අපේක්‍ෂකත්වය ලැබුණු ගමන් සජිත් බුදු වුණාද, දන්නේ නැහැ. මේ බෞද්ධ රටේ, ‘ශ්‍රී මුඛය’ නමැති වචනය භවිතා කිරීම පිළිබඳවත් නොදන්නා අයෙක් ජනාධිපතිවරයා වුවොත් කුමක් වෙයිද? දිනන්න කලින්ම මුඛය, ‘ශ්‍රී මුඛය’ වෙලා. කරුමෙට හරි දිනුවොත් අනෙක් ඒවාත් ‘ශ්‍රී’ කියලා දාගනීවි. ඒ වගේ ‘ලෙඞ්ඩුන්ට’ මේ රට හදන්න බැහැ.

‘ත්‍රස්තයන් හුරතල් කරපු ආණ්ඩුවක්’

2015 ජනවාරි 09 වැනිදා රනිල් වික්‍රමසිංහලා භාරගන්නේ සාමයෙන් පිරුණු රටක්. නමුත් මේ අය වසර හතරහමාරක් යනකොට හතර අතේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරෙන රටක් බවට මේ රට පත් කළා. මේ ආණ්ඩුව මුස්ලිම් සමාජයට සැලකුවේ නැහැ. නමුත් සහරාන්ලාට සැලකුවා. 2017 දී නැගෙනහිර මුස්ලිම් ජනතාව සහරාන්ලා සෙයින්දමරුදුවල පුපුරන ද්‍රව්‍ය ගොඩබාන බවට පැමිණිලි කළා. ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කරපු ඕඅයිසීවරයා මාරු කළේ මේ ආණ්ඩුවයි. ඒ වගේම මේ අය දමිළ ජනතාවට සැලකුවේ නැහැ. නමුත් තමන්ට ආණ්ඩුව ගෙනියන්න උදව් කරන සම්බන්ධන්ට සැලකුවා. සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරය අහිමි වූ පසුත් අදටත් එම ධුරයට අයත් නිල නිවස, වාහන 02, ඉන්ධන ලබා දෙනවා.

’ගෝඨාභය – මහින්ද සුසංයෝගය’

මේ මව්පොළොව අද යළිත් සාමය අයදිනවා, මේ මරබිය තුරන් කළ හැකි ධෛර්යසම්පන්න, එඞ්තර නායකයකු ඉල්ලා සිටිනවා. එදා ‘මහින්ද – ගෝඨාභය සුසංයෝගයට’ පුඵවන් වුණා නම් මේ රටින් මරබිය තුරන් කරන්න, හෙට දවසේ ‘ගෝඨාභය – මහින්ද සුසංයෝගයට’ රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න සියල්ල විසඳා දීමට පුඵවන්, කියන විශ්වාසය අපට තිබෙනවා. අපේ දරුවන්ගේ සිහින පැළ නොවන මුඩුබිමක් බවට පසුගිය වසර හතරහමාර තුළ මේ රට පත්කොට තිබෙනවා. ඒ නිසා තරුණ දරුවන් අද තමන්ගේ සිහින පැළ වෙතැයි සිතන රටවලට යන්න උත්සාහ කරනවා. 2015 ජනාධිපතිවරණයේදී තරුණයන්ට නොදුන්නු පොරොන්දුවක් නැහැ. නොමිලේ වයිෆයි, දෙනවා කිව්වාට අන්තිමේ දී ගූගල් බැලුමත් නැහැ, හරීන්ට ඩිජිටල් ඇමතිකමත් නැහැ. අපට ඉතිරි වුණේ අන්‍ය ජාතිකයන් දිහා සැකයෙන් බලන රටක්, නීතිය හා විධානය බිඳවැටුණු රටක්. අද හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය පාපොච්චාරණය කරනවා, ඇවන්ට් ගාඞ් සමාගමට බොරු නඩු පටලවා ගෝඨාභය රාජපක්ෂයන්ට ජම්පර් ඇන්දවීමට ගත්තු කාලකන්නි උත්සාහය පිළිබඳව.

’පින ඵල දෙන කාලය’

හැබැයි ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ මේ රට පව් කරලා නැහැ. ඒකයි ගෝඨාභයට දමන, දමන නඩුව විසි වෙන්නේ. නොවැම්බර් 16 වැනිදායින් පස්සේ උදාවෙන්නේ, මේ රටේ පින ඵල දෙන කාලයයි. ගෝඨාභය රාජපක්ෂයන් කිසිදාක මේ රටේ ජනාධිපති පුටුවට කෙළ හැලුවේ නැහැ. එතුමන්ට ජනාධිපති අපේක්‍ෂක ධුරය දෙන්න කියා ඉල්ලුවේ මේ රටේ පොදු ජනතාව. ඒ ඉල්ලීම අනුව තමයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් එතුමාගේ සහෝදරයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළේ. මේ මරබියෙන් ගැලවෙන්න එඩිතර නායකත්වයක් අවශ්‍යයි, කියා හිතපු මිනිස්සු තමයි ගෝඨාභය රාජපක්ෂයන් ඉල්ලා සිටියේ. අපි අපේ කඳවුරේ අපේක්ෂකයා බවට පත් කළේ ඒ ජනතා ඉල්ලීමයි.

’පියාණෝ හදපු ජනපති මන්දිර’

සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකකම ඉල්ලලා හන්දි ගානේ ගියා. ‘නොදුන්නොත් මම මැරෙනවා’ කියලා විතරයි නොකිව්වේ. දැන් කියනවා, ‘ජනාධිපති වුණොත් පාරට වෙලා ඉන්නවා’ කියා. ජනාධිපති මන්දිරවලට නොගිහින් ඉන්න ඔය වගේ කතා අපි 2015 දීත් ඇහුවා. ඔබට උවමනා කරන්නේ ජනාධිපති මනදිරය වහලා පාරේ රස්තියාදු වෙමින් සිටින ජනාධිපතිවරයකු ද? ඔය හැම තැනම ජනාධිපති මන්දිර හැදුවේ පියාණෝ බව පුතාණෝ නොදන්නවාට මේ රටේ ජනතාව දන්නවා. මේ රටේ ජනතාවට වැදගත් නැහැ ජනාධිපතිවරයා මන්දිරයේ ඉන්නවාද කියන එක. ඔවුන්ට වැදගත් වෙන්නේ ‘මේ රට හදන්න නායකත්වය දෙනවාද, නැද්ද, ඒකට මොළය තියෙනවාද නැද්ද’ යන්නයි. තමන්ගේ මුඛය ‘ශ්‍රී මුඛය’ යැයි කියාගන්නා ලෙඞ්ඩුන්ට මේ රට බාර නොදෙන්නේ ඒකයි. මේ රටේ ජනතාව ඔය ‘සරල පූච්චානම් කතාවලට’ ආයේ රැවටෙන්නේ නැහැ. ගම්මිරිස්, කරාබුනැටි, සාදික්කා, එනසාල් වැනි බෝගවලට, සමස්ත කෘෂි නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබෙන, මර බියෙන් තොරව දරුවන් පාසල් ගොස් පැමිණෙන කාලයක් අපට ඕනෙ. ඒ කාලය උදා කරන්න ‘කතා සාප්පුවලට’ බැහැ.

‘70%ක ප්‍රතිශතයකින්…’

ඒ කාලය උදා කරගැනීමේ දිනය තමයි නොවැම්බර් 16 වැනිදා. එදින පවුල පිටින් ඡන්දපොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂයන්ට විජයග්‍රහණයක් ලබාදෙමු. එය මුඵමහත් ජාතියම ලබන විජයග්‍රහණයක්. 70%කට එහා ගිය ඡන්ද ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ක්‍ෂයන් දිනවමු. එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කියනවා, ‘දේශපාලන පලිගැනීම් හොඳට කරන්නනම් සජිත් දිනවන්න’ කියා. මේ අය පලිගත්තේ රාජපක්ෂවරුන්ගෙන්, අපෙන් පමණක් නොවෙයි මේ මුඵමහත් රටෙන්. මතක තියා ගන්න, දේශපාලන පලිගැනීම් කරන්න මේ රටේ මිනිස්සු ඡන්දය දීපු කාලය ඉවරයි. ඒ වෛරී මතය මේ රටේ කිසිදු දේශපාලන දැක්මක් දරන්නන් පිළිගන්නේ නැහැ.

‘අන්තවාදය රැකපු රොත්ත’

ඒ නිසා අපි පලිගැනීම්වලින් තොරව රටත් ජාතියත් වෙනුවෙන් අරමුණු සහගතව කැපවෙන යුගය උදා කරන්න නොවැම්බර් 16 ‘ගෝඨාභය රාජපක්ෂ : පොහොට්ටුව’ ලකුණට ඡන්දය ලබා දෙමු. පියාණෝ ළඟ සිටියේ බාබු. අද පුතාණෝ ළග ඉන්නේ රිෂාඞ් බදියුදීන්. අද අන්තවාදය රැකපු දේශපාලකයෝ රොත්තම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව. අපවත් වී වදාල ගුරුකන්ද නායක ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සහභාගී වූ සියලුදෙනා අත්අඩංගුවට ගන්න, කියන අන්තවාදී සම්බන්ධන් ඉන්නේ සජිත්ගේ දකුණු අත පැත්තේ, රිෂාඞ් බදියුදීන් ඉන්නේ වම් අත පැත්තේ. ඒ වගේම මහබැංකුව සුද්ධ කරපු සෙට් එකත් ඉන්නේ සජිත් එක්ක. මේ අන්තවාදීන් හා හොර නඩය සමග මේ රටට හදන්න පු`ඵවන් අනාගතයක් නැහැ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019 /10/06

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. යුක්තිය Reply

    සර්, ජනාධිපතිවරෙනට තව දවස් 40ක් විතර තියනව…! පොහොට්ටුව දිනයිකියන මතවාදෙට වඩා වැදගත් වෙන්නෙ දිනන්න තව දේවල් කරන්න ඕන කියන මතවාදයයි…! ඉස්සරහට එන්නෙ රෑපවාහිනී වාද විවාද කම්පේන් එක…! ගිය පාර යූඑන්පී එකෙන් චන්ද ලක්ශයකට වඩා හරව ගත්තෙ මේ පැත්තට අඩු කරල ටීවී විවාද වලින්…! අපේ පැත්තෙත් හොද කතිකයො හිටියට අනුකූලව නොදැම්මොත් පාර්ලිමේන්තුවෙ යූඑනන්පී එකෙන් ආන්ඩුවක් උනත් හදා ගන්න හේතුවක් වෙයි…! විශේශයෙන් සුජීව සේනසිංහ ,මුජිබර් රහුමාන්,අජිත් මාන්නප්පෙරැම, විශේශයෙන් පාටලී….! වෙන වෙනම විරැද්ධ පාර්ශවය ආක්‍රමනය කරන ක්‍රමය අල්ල ගන්න ඕන..! සුජීව සේනසිංහ ගැන කිවෙඔත් විරැද්ධ පැත්තෙ පුද්ගලගෙ අතීත ජීවිතෙන් හරි,පුද්ගලික ජීවිතෙන් හරි, හැටි හරි අල්ලං අපහාස කරල වට්ටල කතා කරන්නෙ…..! ඌට ඒ විදියට උත්තර දෙන්න ගියාම ඌ දාන්නෙ උසාවි යනවයි කියල් ඒ කතා යටපත් කරන එක…! ඌ උසාවි යනවයි කියල අඩනව බබා වගේ අනෙක් පැත්තෙන් ඌට වචන දාද්දි…! පාඨලී ගත්තොත් ඌ කරැනු හොයන් එනව…ඒත් ඌ මෙන්න මේ කරැනු වලින් කතා කරනවයි කියල හිතේ තියං එන්නෙ නෑ…! අදාල තැනට ආවට පස්සෙ කරැනු අරං හරි වෙන මොනව හරි දාල හරි බොහොම නිදහසේ පරිස්සමට පචත් දාල කතා කරනව…! මේවට දැම්ම ලෑස්ති වෙන්න ඕන…! නැත්නං ජනාධිපති වරනෙ යන්‍තං දින්නත් වැඩක් නෑ පාර්ලිමේන්තුවෙ යූඑන්පී උන් ආන්ඩුවක් ගැට ගහගන්න පුලුවන්..! උන්ගෙ අරමුනත් ඒක…! මතක තියා ගන්න ඕන සිරස,හිරැ කරන්නෙ වාද විවාදම නෙවේ…චන්ද කැම්පේන්…! විශේශයෙන් යූඑන්පී එකට සිරස…! ඔබතුමාල කරන්නත් ඕන වාද විවාද වලට වඩා චන්ද කැම්පේන් එකක් එතන..! ඒක බලන මිනිස්සුන්ට තේරෙන්න දෙන්න එපා ..මිනිස්සු ඒක විවාදයක් කියල හිතපුවාවෙ.. මේ පැත්ය්හෙන් ටිකක් බාධ කරා තමයි ඒ උනාට යූඑන්පී එකේ රෙදි ගැල උනා එතන. කියන වචන ටික මිනිස්සුන්ගෙන් ඇහුනම ඇති…!මොනව හරි වෙලා ඒ වචන් ටිකයි මිනිස්සුන්ගෙන් ඇහෙන්න ඕන….!

    • යුක්තිය Reply

      යකෝ මේව පබ්ලිශ් කරනවද…?වාද කරලම ගනියි…!

  2. Champa Reply

    යනවා යන්න බයගුල්ල. ඔයාගේ මිනිහ දිනන්නේ නැහැ. කෝ හලෝ මිනිස්සු? මහින්දට 2015 අනුරාධපුරේ හිටියේ කොහොමද? කට කපල එකයි ground එකේ. මහා ලොකු දිනන මිනිහ මගේ comments කපන්නේ මොකොද CT එකේ? තනිකර වංචාවෙන් දිනන්න හදන්නේ. අද වෙනතුරු කිව්වේ නැහැ ඇමරිකන් ගිවිසුන් අත්සන් කරන්නේ නැහැ කියල. කබ්රාල් කිව්ව elliptical expressway එක කෙලින්ම MCC COMPACT එකට දෙන USD මිලියන් 480 බලාගෙන ගහපු project එකක්. පිටිපස්සේ ඉන්නේ බැසිල්. ලංකාවද ඩොලර්ද තොර ගන්නේ කියල ප්‍රශ්නයක් අවොත් බැසිල් ගෝඨාභය දෙන්නම තෝරා ගන්නේ ඩොලර්. පොහොට්ටුවට දෙන චන්ද ඔක්කොම සිංහලයන්ටයි රටටයි එරෙහිව දෙන චන්ද. විමල්ගේ චන්දෙ සලකන්නත් ඕනේ ඒ විදිහට. විමල් වීරවංසත් රට පාවල දුන්න අන්තිමට. කතරගම දෙවියෝ ඉන්නකම් මේ ඩබලට ආයේ බලයට එන්න ලැබෙන්නේ නැහ.

Leave a Reply

*