— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
Selbstausschluss beim Online-Glücksspiel Leitfaden zum Selbstausschluss Slots 4 Play
Poker Strategien Tipps für ein erfolgreiches Online Poker Spiel
Seriöse Online Internet Casinos: Die Sichersten Anbieter 2025
High Stakes Security 7 Best Wallets for Gambling in 2025
Juridiska Aspekter kring de Bästa Casinon utan Svensk Licens
Comment choisir un casino en ligne fiable: Erreurs à éviter
Co to jest Slottica? Poradnik dotyczący rejestracji
Spel med Spelpaus: Regler och Insikter om Spelarskydd
Casino en ligne France : Avis sur les tournois et compétitions
Mostbet Hangi Ülkenin Kullanıcı Deneyimi Açısından En Başarılı Sitesi?
ජනපති ගෝඨාභය ඇමති විමල්ට දුන්නු ‘මිටිය’
Posted On
27 Aug 2020
By :
WW Media
Comment: 0
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්
ය ධුරයෙහි වැඩ භාර ගනු ලැබුවේ පසුගිය සඳුදා පෙරවරුවේ දීය. 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්
යාංශයේදී ඒ කටයුත්ත සිදු විය.
මෙම අවස්ථාවට බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්
ය බෙල්ලන්විල ධම්මරතන, මහාචාර්ය පූජ්
ය පාතේගම ඤාණීස්සර, මහාචාර්ය පූජ්
ය මැදගොඩ අභයතිස්ස යන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය ද අන්
යාගමික පූජකතුමන්ලා ද එක්ව සිටියහ. ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ අපූර්ව යෙදුම් ද අවස්ථා සම්බන්ධයන් ද සහිත අනුශාසනාවයක් සිදු කළේ කර්මාන්ත අමාත්
යාංශය සහ ජනතාව අතර සබඳතාව ද මෙනෙහි කරමිනි.
”ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට නැමතිි නැව භාර ගත්තාට එතුමාට පදවා ගෙන යාමට සිදුව ඇත්තේ හැම තැනම හිල් වුණු නැවක්. ආර්ථිකයෙන්, සංස්කෘතියෙන්, පාලනයෙන්, ජාත්
යන්තර අර්බුදවලින් මේ නැව හැම තැනම පලුදු වී තිබෙනවා. ඒ නිසා ඒ සියල්ල සකස් කර ගෙන යන්න ඔවුන්ගේ ශාක්
යතාවන් අනුව සුදුසුම පුද්ගලයන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් තෝරා පත් කර ගෙන තිබෙනවා. රටක ඉදිරිය, ආර්ථිකය තීරණය වන්නේ ඒ රටේ කර්මාන්ත මොන තරම් සාර්ථකව සිදු වෙනවාද, යන්න සමගයි.
පස් වසරක් පමණ මහා දුෂ්කර ක්
රියාවන් කරලා, මේ රටට නායකයකු තනන්න නොවිදිනා දුක් විදපු ඔබතුමාට පැවරිලා තිබෙන්නේ, අතිශය වැදගත් කාර්යභාරයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඔබතුමා ගැන සුවිශේෂී විශ්වාසයක් තබා තිබෙන නිසා තමයි මේ කර්මාන්ත අමාත්
යාංශය භාර දී තිබෙන්නේ.
කර්මාන්ත ඇමතිවරයාට රටේ මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එනම් ‘යකඩ ගුලි’ වගේ වතුරේ ගිලෙන මිනිසුන් වතුරේ පාවෙන ‘පාත්
ර’ බවට පත් කරලා මුදවා ගැනීමේ හැකියාව තිබෙනවා. ‘යකඩ ගුලි’ වගේ වතුරේ ගිලෙන මිනිසුන් වතුරේ පාවෙන ‘පාත්
ර’ බවට පත් කිරීමේ ‘මිටිය’ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඔබතුමන්ට භාර දී තිබෙනවා. ඒ මහා වගකීම ඉටු කරලා ඒ මිනිසුන්ට ශක්තියක් වීමට ඔබතුමන්ට ධෛර්යය පතනවා.” යනුවෙන් එහිදී මැදගොඩ අභයතිස්ස නාහිමි අනුශාසනා කළහ.
මෙම අවස්ථාවට බලශක්ති කැබිනට් අමාත්
ය උදය ගම්මන්පිල, බතික්ල අත්යන්ත්
ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන ආශ්
රිත කර්මන්ත රාජ්
ය අමාත්
ය දයාසිරි ජයසේකර, වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ ග්
රාමීය කර්මාන්ත ප්
රවර්ධන රාජ්
ය අමාත්
ය ප්
රසන්න රණවීර, ජාතික නිදහස් පෙරමුණේ ප්
රධාන ලේකම් සරත් විජේසිරි, ජාතික සංවිධායක, ගුදම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත රාජ්
ය අමාත්
ය ජයන්ත සමරවීර, ප්
රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස, ගාමිණි වලේබොඩ, උද්දික ප්
රේමරත්න යන පාර්ලිමෙන්තු මන්ත්
රීවරු ද එක්ව සිටියහ.
-අබර
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
‘‘මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා – මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා‘‘ මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවිතුමා කියන කතාව
Next Story
එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.