BREAKING NEWS

ජන්දෙදි කවුරුත් නොහිතන ප්‍රතිඵලයක් අපි ගොඩනගලා පෙන්නනවා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් ගොඩනගන නව සන්ධානයෙන් තරඟ කර කිසිවෙකු නොහිතන ආකාරයේ ප්‍රතිඵලයක් ගොඩනගන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*