BREAKING NEWS

ජන පැතුම් ඉටු කරන ඇමති විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” යළිත්…

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” අද (25) අඟහරුවාදා සිට යළි අරඹනු ලැබීය.

එහි දී කර්මාන්තකරුවන්ගේ ගැටළු, නව ව්යවසායකයන් වෙනුවෙන් සහාය ලබාදීම මෙන්ම සාමාන්ය ජන ගැටළු ආදී අවශ්යතා සහිත විශාල පිරිසක් ඉමහත් බලාපොරොත්තුසහගතව අමාත්යවරයා හමු වී සිය ගැටළු ඉදිරිපත් කරනු ලැබූහ.

විමල් වීරවංශ අමාත්යවරයා ඒවාට අදාළ විසඳුම් එම මොහොතේම අදාළ නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් හැකි උපරිමයෙන් සලසා දීමට කඩිනමින් පියවර ගනු ලැබුවේ ය.

අද පටන් සෑම අගහරුවාදා දිනකම උදේ 10:00 සිට සවස 1:00 දක්වා, 73/1 , ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්යාංශයේදී අමාත්යවරයාගේ මහජන දිනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2022.01.25
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*