BREAKING NEWS

“ජපන් සංචාරකයාගෙන් වීසා ගන්නේ රටවල් දෙකයි, එකක් ලංකාව….” – පා.ම. විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්

ජපන් සංචාරකයාගෙන් වීසා ගනු ලබනුයේ රටවල් දෙකක් පමණක් බවත්, ඉන් එක් රටක් වන්නේ ශ්‍රී ලංකාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, 2023 අයවැය තෙවන වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ මෙම කරුණවත් නොදැන සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යනුවෙනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*