BREAKING NEWS

‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙල : ‘රටේ අගය වැඩි කරන’ – ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය බබළවන කර්මාන්තකරුවන්ගේ භූමිකාව ඇගයුමට ලක් වෙයි!

‘සෞභාග්යයේ දැක්ම’ ප්රතිපත්ති ප්රකාශනය පෙරදැරිව, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සංකල්ප හා මාර්ගෝපදේශකත්වයෙන් දියත් වන ‘රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට’ මංපෙත් සලසන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස කර්මාන්ත අමාත්යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙල අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් අද(15) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි.

මෙහිදී දිවයිනේ විශිෂ්ටතම කුඩා පරිමාණ නිෂ්පාදන කර්මාන්තය ලෙස ඒෂියන් චිල් ඉක්විප්මන්ට්ස් ආයතනයත්, දිවයිනේ විශිෂ්ටතම මධ්ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තය ලෙස උදය ඉන්ඩස්ට්රීස් ආයතනයන් හා දිවයිනේ විශිෂ්ටතම මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්තය ලෙස ප්රීලන් එන්ටර්ප්රයිසස් ආයතනයත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් මෙම සම්මාන උළෙලේ ඉහළතම සම්මානය වන ‘ප්ලැටිනම් සම්මානයෙන්’ පිදුම් ලැබූහ.

එසේම ඇසුරුම් හා ආශ්රිත කර්මාන්ත, සැකසුම් ආහාර, සහල් හා ආශ්රිත කර්මාන්ත, කුළුබඩු හා ආශ්රිත කර්මාන්ත, කොහු හා කෙඳි ආශ්රිත කර්මාන්ත, තේ,අගය එකතු කළ තේ, පාන වර්ග ආශ්රිත කර්මාන්ත, පාවහන්, සම්, සම් නිෂ්පාදන හා ආශ්රිත කර්මාන්ත, රබර්, ප්ලාස්ටික් හා ආශ්රිත කර්මාන්ත, ලෝහ ඩයි හා අච්චු, යන්ත්රෝපකරණ උපාංග හා ආශ්රිත කර්මාන්ත, දැව, දැව ආශ්රිත කර්මාන්ත හා ගෘහ භාණ්ඩ කර්මාන්ත, මෝටර් රථ එකලස් කිරීම, මෝටර් රථ උපාංග හා ආශ්රිත කර්මාන්ත, විදුලි,ඉලෙක්ට්රොනික් උපාංග ආශ්රිත කර්මාන්ත, බටහිර සහ දේශීය ඖෂධ හා ආශ්රිත කර්මාන්ත, ග්රැනයිට්, ටයිල්, මැටි, පිඟන් මැටි හා ගොඩනැගිලි ද්රව්ය ආශ්රිත කර්මාන්ත, බෝට්ටු සහ උපාංග හා ධීවර ආම්පන්න ආශ්රිත කර්මාන්ත, තීන්ත, රසායනික ද්රව්ය, මුද්රණ ද්රව්ය හා ආශ්රිත කර්මාන්ත, රූපලාවණ්ය ආලේපන හා ආශ්රිත කර්මාන්ත, ස්වර්ණාභරණ, මැණික් හා ආශ්රිත කර්මාන්ත, කිරි හා ආශ්රිත කර්මාන්ත, ඛනිජ ද්රව්ය හා ආශ්රිත කර්මාන්ත, ඇඟලුම්, රෙදිපිළි හා ආශ්රිත කර්මාන්ත යන ප්රධාන කර්මාන්ත ක්ෂේත්ර 20ට අදාළව මහා පරිමාණ/මධ්ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන්, ස්වර්ණ සම්මාන 20ක්, රජත සම්මාන 20ක් හා ලෝකඩ සම්මාන 20ක් ද පිරිනැමිණි.

තවද ප්රධාන කර්මාන්ත ක්ෂේත්ර 20ට අදාළව කුඩා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් ද ස්වර්ණ සම්මාන 20ක්, රජත සම්මාන 20ක් හා ලෝකඩ සම්මාන 20ක් ප්රදානය කෙරිණි. ක්ෂුද්ර පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන්, ජාතික මට්ටමින් ස්වර්ණ සම්මානයක්, රජත සම්මානයක් හා ලෝකඩ සම්මානයක් ද පිරිනැමීමට පියවර ගෙන තිබිණි.

මෙම ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙලේදී ඉහත මහා පරිමාණ/මධ්ය පරිමාණ, කුඩා පරිමාණ හා ක්ෂුද්ර පරිමාණ අංශ තුන යටතේ මෙරට කර්මාන්තකරුවාගේ භූමිකාව ඇගයීමට අමතරව මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගන්වනු වස් එම ක්ෂේත්රයේ නිෂ්පාදකයෝ 18ක් සහ රාජ්ය අංශයේ නිෂ්පාදන කර්මාන්ත දිරිගන්වනු වස් රාජ්ය සමාගම් 03ක් ද සිය නිෂ්පාදන ජාත්යන්තරයට ගෙන ගිය හඳුන්කූරු නිෂ්පාදකයෝ දෙදෙනෙක් ද විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඒ අනුව ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙලේදී මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ටයෝ සියල්ලම රටට අගය එකතු කිරීමේ සිය ප්රශස්ත භූමිකාව වෙනුවෙන් සම්මානයට පාත්ර වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2022.02.15
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*