BREAKING NEWS

ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව සමුළු යෝජනාවලිය

ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව සමුළු යෝජනාවලිය

වර්තමාන ආණ්ඩුව විසින් ශ්රී ලංකාව නම් වූ අපගේ මාතෘභූමිය ඉතිහාසයේ කවර කලෙකවත් සිදු නොවූ ආකාරයට මහා විනාශකාරී අර්බුදයක ගිල්වා ඇති බැවින් සහ ඒ උතුම් රට අද ආණ්ඩුවම පිළිගන්නා පරිදි මන්දගාමී තත්වයට පත් කොට ඇති බැවින්ද,

■ විශේෂයෙන්ම ඔත්තු සේවා ඇතුළු සමස්ත ආරක්ෂක හමුදා දුර්මුඛ කොට, දුර්වල කිරීමට සහ ඒ මගින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාව අනාරක්ෂිත සහ පීඩාකාරී මනෝභාවයකට ඇද දමා ඇති බැවින්ද,

■ ආගමික මූලධර්මවාදී අන්තවාදය, බෙදුම්වාදී අන්තවාදය, ජාතිවාදය, මත් උවදුර සහ සංවිධානාත්මක අපරාධ වර්ධනය වීමට ඉඩ හරිමින් රටේ ජාතික ආරක්ෂාව බින්දුවට බස්සවා ඇති බැවින්ද,

■ ජනතාව මත බදුබර පටවමින් සහ බහුජාතික සමාගම්වලට බදු සහන දෙමින් ආර්ථිකය වනසා දමා ගොවියා, සුළු නිෂ්පාදකයා සහ දේශීය කර්මාන්තකරුවා අගාධයට ඇද දමමින් තිබෙන බැවින්ද,

■ රටේ ජාතික නිෂ්පාදන ආර්ථිකය බිඳ වට්ටවා, රටේ ආහාර සුරක්ෂිතතාව අනතුරට ලක් කොට අපගේ ආදරණීය මාතෘභූමිය විදේශීය රටවලට අතපාන දුර්වල රාජ්යයක් බවට පත්කොට තිබෙන බැවින්ද,

■ කූඨ හොර ගිවිසුම් අත්සන් කිරීම මගින් අපගේ ආදරණීය මාතෘභූමිය බටහිර බලවතුන්ගේ ’දාස රාජ්යයක්’ බවට පත් කොට එම රටවල හමුදාවන්ට රට තුළට ඇතුළුවිමට ඉඩසලසමින් තිබෙන බැවින්ද,

■ රාජ්ය ආයතන ඇතුළු රටේ ජාතික සම්පත් සහ යුදමය මර්මස්ථාන විදේශිකයින් සතු කරමින් ශ්රී ලංකාව විදේශීය මහ බලවතුන්ගේ ගොදුරු බිමක් සහ සටන් බිමක් බවට පත්කරමින් ජන ජීවිතය අනතුරට ලක් කරමින් තිබෙන බැවින්ද,

■ දේශපාලන කුජීතයින් යොදවා ආගමික නායකයින්ට සහ ආගමික ඉගැන්වීම්වලට ප්රසිද්ධියේ ගරහමින් සහ ආගමික මූලධර්මවාදී අන්තවාදීන්, ජාතිවාදී සහ විවිධ මානසික සහ පෞරුෂ ආබාධ සහිත දේශපාලන කල්ලි කණ්ඩායම් ආරක්ෂා කරමින් සහ ඔවුන් දිරිමත් කිරීම මගින් රට තුළ ආගමික සහ ජාතිවාදී ගැටුම් ඇවිලවීමට ඉඩ සලසමින් තිබෙන බැවින්ද,

■ පුරාවිද්යා ස්ථාන සහ ජාතික උරුමයන් භෞතිකව සහ චින්තනමය වශයෙන් විනාශ කිරීම සහ එසේ විනාශ වීමට ඉඩ හැරීම මෙන්ම ජනමාධ්ය තුළින් විදේශීය අවර ගණයේ ටෙලිනාට්ය සහ චිත්රපට ප්රචලිත කරමින් සමාජ වටිනාකම් පද්ධතිය විනාශ කිරීම ආදී බහුවිද ක්රියාමාර්ග හරහා ඉතා සූක්ෂ්මව අපගේ ආදරණීය මාතෘභූමිය සංස්කෘතික කාන්තාරයක් බවට පත්කරමින් තිබෙන බැවින්ද,

■ බැඳුම්කර හොරුන් නිදහස් කරමින් රට තුළ හොරකම නීතිගත කිරීමට, ආයතනගත කිරීමට සහ සංස්ථාගත කිරීමට කටයුතු කරමින් සිටින බැවින්ද,

එම අවාසනාවන්ත ඉරණමෙන් අපගේ ආදරණීය මාතෘභූමිය ගලවා ගැනීම සහ රට ජාතිය නැවත දෙපයින් සිටුවිම සඳහා මහා නායකත්ව පෞරුෂයකින් යුතු දූරදර්ශී, කොන්දපණ ඇති නායකයෙක් රටට අවශ්යව ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන එම අභියෝග භාරගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණ ප්රමුඛ මෙම මහා ජන සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ නම් වූ ඉතිහාසය විසින් නිර්මාණය කළ ජාතික නායකයා සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාව නියෝජනය කරන පොදු නායකයා, ජාතික අපේක්ෂකයා ලෙස නම් කරන වගයි, පිළිගන්නා වගයි, ඉදිරිපත් කරන වගයි. එසේම, ජාතිය හමුවේ වන ඒ මහා අභියෝගය ජය ගැනීම සඳහා සමස්ත ජාතිය පෙළගැස්විය යුතු බව සහ ඒ සඳහා ධෛර්යෙන් යුක්තව, නොපසුබටව සහ දිවිහිමියෙන් කැපවිය යුතු බව පිළිගන්නා අතර නව පාලකයා සමග එක්ව ඉටුකළ යුතු කාර්යභාරය සහ භූමිකාව මෙසේ ඉදිරිපත් කරමු.

1) නව ලිබරල් සිහින ආර්ථික මොඩලය තුළ විදේශීය සමාගම්වලට බදු සහන දෙමින්, ඒ හරහා කොමිස් ගසමින් සහ ජනතාව මත බදු බර පටවමින් ඉබාගාතේ ඇවිදීම වෙනුවට රටේ ජනගහනයෙන් 70%කට අධික ගොවි ජනතාව ප්රමුඛ සුළු නිෂ්පාදකයාට සහ දේශීය ව්යාපාරික ප්රජාවට ආර්ථික ඉඩ ප්රස්ථා ජනනය කෙරෙන සහ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් පොදු ජනතාවට සහන සලසන, රටේ ආහාර ස්වෛරීත්වය තහවුරු කෙරෙන ආකාරයට උපායමාර්ගික ප්රතිපත්තිමය හැරවුමක් මගින් දේශීය නිෂ්පාදන ආර්ථික මොඩලයක් නිර්මාණය කළ යුතුය.

2) හමුදා ඔත්තු සේවා ප්රමුඛ සමස්ත ආරක්ෂක හමුදා දුර්මුඛ කිරීමට සහ දුර්වල කිරීමට මුල් වූ හේතු සොයා බැලීම සහ ඊට අදාළ වැරදිකරුවන්ට දඬුවම් කිරීම මුල්කරගෙන ඉහළ කොමිසමක් පිහිටුවිය යුතුය. එම නිර්දේශ මත නොපැකිළව ක්රියා කළ යුතු අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව මගින් ශ්රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එල්ල වූ චෝදනාවලට නිසි පිළිතුරු නිල වශයෙන් ලබා දීම සහ 30/1 යෝජනාවට ලබා දුන් සම අනුග්රාහකත්වයෙන් ඉවත් වී ඒ මත පදනම්ව සම්මත කළ නීති සහ පරිපාලන ක්රියාමාර්ග අහෝසි කිරීම.

3) පාස්කු ඉරිදා සිදු කරන ලද ම්ලේච්ඡ ආගමික මූලධර්මවාදී ත්රස්තවාදී ප්රහාරයට වගකිව යුතු පිරිස්වලට තරාතිරම නොබලා දඬුවම් කිරීම සහ රට තුළ ගොඩනැගෙමින් පවතින මූලධර්මවාදී ආගමික අන්තවාදය සහමුලින්ම අතුගා දැමීම සඳහා අවශ්ය පියවර ගැනීම සඳහා නව නීතියක් මගින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් පත් කළ යුතුය. ඊට ඉහළම ප්රමුඛතාව ලබාදිය යුතුය.

4) හමුදා ඔත්තු සේවා නැවත ශක්තිමත් කොට රටේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ බෙදුම්වාදී ප්රවණතාවන්, මූලධර්මවාදී ආගමික අන්තවාදය සහ මත්ද්රව්ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා විධිමත් ආරක්ෂක හමුදා යාන්ත්රණයක් සහ නව නීතිමය රාමුවක් මගින් ජාතික වැඩපිළිවෙළක් දියත් කළ යුතුය.

5) බලය බෙදීමේ ව්යවස්ථා සංශෝධන හෝ ඊනියා 13 ශක්තිමත් කිරිම හෝ 13 සම්පූර්ණයෙන්ම ක්රියාත්මක කිරීම නමින් අටවන බෙදුම්වාදී මරඋගුල්වලට පය නොතබා සැබෑ ලෙසම රටේ සියලූ ජනතාවට අයිතිවාසිකම් ලැබෙන සහ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සහ ඒ ආශ්රිත ප්රදේශවල ජීවත්වන යුද්ධය නිසා පීඩාවට පත්වූ සහ දරිද්රතාවයෙන් සහ කුල පීඩනයෙන් හෙම්බත්ව සහ අසරණව සිටින ජනකොටස්වලට ආර්ථික සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ලැබෙන ප්රතිසංස්කරණ වහා සිදු කළ යුතුය.

6) රටේ අධ්යාපන සහ සෞඛ්ය සේවා පද්ධති තුළ සිදු වී ඇති බරපතල කඩාවැටීම් වළක්වා මහජන සුබසාධනය සහ මානව සංවර්ධනය මුල්කරගෙන එම සේවා පද්ධති සංවර්ධනය කිරීම සඳහා ප්රමුඛතාවක් ලබා දිය යුතු අතර ඒ තුළ නිදහස් අධ්යාපනයේ සහ නිදහස් සෞඛ්ය සේවයේ උතුම් මූලධර්ම ආරක්ෂා කරමින් එම සේවා පුළුල් කිරීම කළ යුතුය, විශේෂයෙන්ම තරුණ පරපුර කුසලතා පූර්ණ බලවේගයක් ලෙස ආර්ථීකයට දායක කරගැනීම මුල්කරගෙන වෘත්තීය අධ්යාපන වැඩසටහන් විශ්වවිද්යාල මට්ටම දක්වා පුළුල් කිරිම සඳහා විශේෂ ජාතික වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. එසේම විවිධ ශාරීරික සහ මානසික ආබාධවලින් පීඩාවට පත්ව සිටින දරුවන් සහ වැඩිහිටියන්, විශේෂයෙන්ම යුද්ධය නිසා අබාධිත තත්වයට පත්ව සිටින ජනයාගේ සුබසාධනය සඳහා ප්රමුඛතාව ලබා දිය යුතුය.

7) නොබැඳි විදේශ ප්රතිපත්තිය මත පිහිටා ලෝක බලකඳවුරු අතර යුදමය ගැටුම්වලට මැදි නොවන ලෙස විදේශ ප්රතිපත්ති තීරණය කළ යුතු අතර එම පදනම මත පිහිටා විදේශීය හමුදා රට තුළට ඇතුළුවීමට හෝ විදේශීය සමාගම්වලට රටේ ඉඩම් කොල්ලකෑමට ඉඩ සලසන ගිවිසුම් අහෝසි කළ යුතුය. එසේම වරායවල් ඇතුළු ජාතික උපායමාර්ගික මර්මස්ථාන සියල්ල රාජ්ය අයිතිය සහිතව පමණක් සංවර්ධනය කළ යුතුය.

8) අප රටේ ඓතිහාසික බෞද්ධ සංස්කෘතික උරුමය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනකොටසකටම මෙන්ම බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ආදී සෑම ආගමික භක්තිකයකුටම සාධාරණව, සාමයෙන් සහ නීතිය ඉදිරියේ සමානතාව සහිතව ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා රටේ ඓතිහාසික බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමය ආරක්ෂා කළ යුතු අතර සහ ඒවා භෞතිකව සහ චින්තනමය වශයෙන් විනාශ කිරීම මුල්කර ගෙන දියත් වන දෙස් විදෙස් රාජ්ය සහ ඊනියා රාජ්ය නොවන මෙහෙයුම් වැළැක්වීමට සහ ආපසු හැරවීම සඳහා ප්රමුඛතාවයෙන් යුතුව නීතිමය සහ පරිපාලන ක්රියාමාර්ග ගත යුතුය.

9) දූෂණයෙන් තොර, නාස්තියෙන් තොර දේශපාලන තන්ත්රයක් සහ රාජ්ය සේවයක් බිහි කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙළක ආරම්භක ප්රවේශය ලෙස අල්ලස් හා දූෂණ පනත වහාම සංශෝධනය කොට බැඳුම්කර වංචා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි මත අදාළ වැරදිකරුවන්ට දඬුවම් දීම මගින් සමාජයට මහා ආදර්ශයක් ලබා දිය යුතුය. ඒ අතර පසුගිය කාලය තුළ මහජනයාට හොරෙන් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම සහ විදේශීය ආහාර සමාගම්වලට බදු සහන සහ වරප්රසාද ලබා දීම මගින් අයුතු ලෙස කොමිස් ලබා ගන්නා බවට වන චෝදනා සහ පොදුවේ රේගු බදු වංචා පිළිබඳව විභාග කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කළ යුතුය.

10) ජාතිය මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා අවශ්ය වන ‘සුහුරු මිනිසා’ හෙවත් නව තාක්ෂණය සහ පරිසර හිතවාදී තිරසාර දිවි පැවැත්ම දෙමුහුන් කළ හැකි දියුණු මිනිසා නිර්මාණය කිරීමේ මූලික වගකීම දරන ගුරු පරපුර වෘත්තීමය වශයෙන් සහ සමාජමය වශයෙන් උසස් මට්ටමකට ගෙන ඒම සඳහා ගුරුවරුන්, වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කිරීමේ නීතිමය රාමුවක් සහ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම මගින් සහ ඔවුන්ගේ වැටුප් මට්ටම් ගුරු සේවය පිහිටු වූ අවස්ථාවේදී සමාන ශ්රේණිවල වැටුප් මට්ටමට සමාන කොට වැටුප් විෂමතා අහෝසි කිරීම මගින් රටේ ගුරු පරපුර දිරිමත් කළ යුතුය.

11) රට තුළ සිදු වන ආර්ථික සහ සමාජ සංස්කෘතික අසාධාරණකම්වල වැඩි කොටස මව්වරුන් හෙවත් කාන්තාවන් විසින් බුක්තිවිඳින බව පිළිගනිමින් ඔවුන් පීඩාවට පත්කරන ප්රධාන පැතිකඩ දෙකක් වන දේශීයව ආර්ථික ක්රියාකාරකමක් ආරම්භ කිරීම සඳහා ක්ෂුද්රමූල්ය ණය උගුලට පය තැබීම සහ එසේ නොවේනම් ගෘහ සේවය සඳහා අනාරක්ෂිතව විදේශගත වීම පිළිබඳව ජාතියක් ලෙස හෘදසාක්ෂිය සහිතව දැඩි අවධානය යොමුකොට ඒ ආශ්රිතව බරපතල ගැටළු විසඳීම සඳහා ඉහළ ප්රමුඛත්වයක් ලබා දිය යුතුය. එම ගැටළුවල ගැඹුර සහ විසඳුම් පිළිබදව සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක් පත් කළ යුතුය.

12) ලෝකය පුරා දැනුම කේන්ද්රගත වී ඇති ස්ථානවල සේවය කරන ලක්ෂ දහයකට ආසන්න ශ්රී ලාංකිකයන්ගෙන් මාතෘභූමියට නිසි සේවාවක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නිපුණතාවන් සහ සුදුසුකම් සහිතව ජාතික දත්ත ගබඩාවක් සකස් කොට ස්වේච්ඡා පදනමෙන් අවශ්යතාව අනුව සේවා ලබා ගැනීම සඳහා ක්රමවේදයක් සකස් කළ යුතුය. විශේෂයෙන්ම ආපදා අවස්ථාවලදී විවිධ සැකකටයුතු විදේශ මූලයන් සහිත සංවිධානවලින් ආධාර උපකාර ලබාගැනීම මගින් ජාතික ආරක්ෂාවට සිදු විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා එවැනි අවස්ථාවලදී මෙම ශ්රී ලාංකික විදේශගත බලඇණිය යොදා ගැනීම සඳහා ක්රමවේදයක් සකස් කළ යුතුය.

13) ජාතිය ගොඩනැගීමේ අත්යවශ්ය ආයෝජනයක් වන පූර්ව ළමාවිය සහ ළමාවිය අධ්යාපනය, දහම් පාසල් අධ්යාපනය ද ඇතුළත් වන ආකාරයට නිසි ලෙස විද්යාත්මක පදනමක් මත නැවත ස්ථානගත කළ යුතු අතර ඊට අදාළ ප්රමිතීන් නියම කිරීම සහ නියාමනය කිරීම සඳහා සුවිශේෂී යාන්ත්රණයක් සකස් කළ යුතුය. එහිදී ආගම හෝ ජාතිකත්වය මත පදනම්ව අධ්යාපන ක්රමවේද හෝ පද්ධති පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුතු අතර සෑම දරුවකුටම ජාති, ආගම් භේදයකින් තොරව එක සමාන අධ්යාපනයක් ලැබෙන බව සහතික කළ යුතුය.

14) ශ්රී ලංකාව ජන සංක්රාන්තියකට මුහුණ දෙමින් සිටින අතර වයස 60ට වැඩි ජනගහනය 2021 දී 16.7%ක් දක්වා ඉහළ යනු ඇති අතර 2041 වන විට සෑම සිව්දෙනෙකුගෙන් එක් අයකු වැඩිහිටි පුද්ගලයකු වන බැවින් සහ එම ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ සුවිශේෂී කායික සහ මානසික ගැටළු ඇතුළුව ඔවුන් රැකබලා ගැනීමේ අභියෝගයට ජාතියට මුහුණ දීමට සිදුවනු ඇති බැවින් මෙම සමාජ ස්තරය අත්දැකීම් බහුල ජාතික සම්පතක් සේ සලකා ඔවුන් රැක බලා ගැනීම මෙන්ම ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් සමාජ ප්රගමනය වෙනුවෙන් යොදා ගැනීම මුල්කර ගෙන සුවිශේෂී ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.

15) සමාජ ආර්ථික සාධකවලින් වියුක්තව පරිසරය ආරක්ෂා කළ නොහැකි බව මෙන්ම මානවයන්ගේ චර්යාමය ගැටළුවලට ඉංජිනේරුමය විසඳුම් සෙවීමේ උත්සාහයේ අසාර්ථක බව ලෝකය පුරාම ප්රත්යක්ෂ වෙමින් පවතින බව ද පිළිගනිමින්, පරිසර පද්ධති ආරක්ෂා කෙරෙන නිෂ්පාදන පද්ධතියක් සහ පරිභෝජන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ධෛර්යවන්තව මහා ප්රතිපත්තිමය හැරවුමක් සිදු කළ යුතුය. ඊට අදාළ මානසික සූදානම්කම පෙන්වීම සඳහා රට පුරා විසිරී තිබෙන කුඩා වැව් සහ අමුණු ආශ්රිත 33,000කට අධික පරිසර පද්ධති ප්රතිසංස්කරණය කිරීමේ ජාතික ව්යාපෘතියක් මහජන සහභාගීත්වයෙන් දියත් කළ යුතුය.

2019 සැප්තැම්බර් මස 08 වැනි ඉරු දින සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ පැවැත්වෙන ජානිපෙ ඓතිහාසික මහා සමුළුවේදී මෙම යෝජනාවලිය සභා සම්මත කරන වගයි…

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Champa Reply

    ගෝඨාභය පරදිනවා උඩින්ම. 2015 ඉඳන් මිනිස්සු කට්ට කාගෙන හිටියේ යහපාලන ද්‍රෝහියෝ රටට ගෙනාපු අනුර කුමාර ජනාධිපති වෙනවා දකින්න නෙමෙයි. යූඑන්පී චන්ද පක්ෂකයෙක්ට මිනිස්සු කොහොමත් චන්දෙ දෙන්නේ නැහැ. කරුටවත් දිනන්න තරම චන්ද හම්බ වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ අනුර කුමාර. කොන්ද කෙලින් තියාගෙන ඉන්ට. රනිල්ගේ support එක අනුරට. පොහොට්ටුවේ support එකත් අනුරට. මේ කතාව වේලාසනම කිව්වා. 1815ට වඩා ලොකු පාවාදීමක් සිද්ධ වෙන්න යනවා. විමල් කොන්ද කෙලින් තියාගෙන ඉන්ට. මම දැක්ක මේ යෝජනාවලිය. ඕව වැඩක් නැහැ. කෝ ඔයගොලෝ පහුගිය දවස්වල කැහැගැහැව්වේ වහබ් අන්තවාදය නැති කරන්න ඕනේ කියල. ගෝඨාභය එහම පොරොන්දුවක් දුන්නද? නැහැ. ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල අද වෙනකම් පොරොන්දු වෙලා නැහැ. සේමසිංහ ලව්වා කියැව්වා ඒවා සමාලෝචනය කරනවා කියලා. ඒ කියන්නේ බොරුවට වෙනස් කළා කියල අත්සන් කරනවා. එයාව නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම බලලොභියෝ. අන්තිමට රටට ඉතුරු වෙලා හිටියේ විමල් විතරයි. විමලුත් දැන් සද්ද නැහැ. ඔයාට ඔහොම කරන්න බැහැ. කවුරු රටට ද්‍රෝහී වුනත් විමල්ට එහෙම කරන්න බැහැ. කරන්න ඕනෙදේ හම්බ වෙලා කියන්නම්. මම ඔක්තෝබර් මුල කෙනෙක්ව එවනවා. එයාට කියන්න හම්බ වෙන තැනයි දිනෙයි.

    • Champa Reply

      Hey, can you delete my comment, please?

  2. Champa Reply

    අන්න නාගානන්ද කියනව ඇමරිකන් මිලිටරි cargo එකක් release කරලලු. ඊට කලින් විමලුත් ඕව ගැන කතා කළා. ගෝඨාභය ආවොත් රනිල්ට එහා යනවා. අද වෙනකම් කියල නැහැ ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල. විමල්ට රටද ලොකු ඇමරිකන් ගැත්තද ලොකු? එතකොට මෙච්චර කල් ඒවට විරුද්ධව කතා කලේ බොරුවටද? ලැජ්ජයි ඔයා ගැන. බයගුල්ල.

  3. Champa Reply

    කෝ මෙතන update කරන්නේ නැත්ද? ලියන්න දෙයක් තියෙනවා. වෙන තැනකට ලිව්වා. ඒ comment එක වැටෙයිද නැත්ද දන්නේ නැහැ. ගමරාල ආයේ දිව්‍යලෝකේ යවන්න හදන්නේ. මං ආසයි මැරෙන්න යන මිනිස්සුන්ගේ පණ බේරන්න.

Leave a Reply

*