BREAKING NEWS

ජේ.ආර්. ඉස්සුවේ ඡන්ද පෙට්ටි – බෑණා උස්සන්නෙ ඡන්දෙ

ජේ.ආර්.ඉස්සුවේ ඡන්ද පෙට්ටි බවත් ඔහුගේ බෑණා මුළු ඡන්දෙම උස්සන බවත් රට ගිලී තිබෙන අර්බුදයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් පා.ම.විමල් වීරවංශ පවසයි. නිදහස් ජනතා සන්ධානයේ කුරුණෑගල  දිස්ත්‍රික් පළාත් පාලන  අපේක්ෂක සහ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

එම හමුව 2023 මාර්තු මස 19 වන දින පොල්ගහවෙල නගර සභා ශාලාවේදී  පැවැත්විණි. එහි ඡායාරූප අවස්ථාවන් පහත් සටහන් වේ.

මෙම අවස්ථාවට නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විධායක කමිටු සාමාජිකයන් වන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, නිදහස ජනතා  සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස්, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී  වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*