BREAKING NEWS

දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ බත්තරමුල්ල චිත්තවිවේකාශ්‍රමය අසල සිට U.D.A. නිවාස දෙසට යන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුත්ත අද (28) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

අනතුරුව චිත්තවිවේකාශ්රාමයට ගිය අමාත්යවරයා ආගමික වතාවත් සිදුකොට නායක හිමිපාණන් ද මුණගැසී ආශිර්වාදය ලබා ගත්හ. මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු නාගරික මංත්රීවරුන්ද එක්ව සිටියහ.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*