BREAKING NEWS

දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂ මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් ලංකා පිඟන් සංස්ථාව හරහා ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි !

දීඝවාපී චෛත්ය රාජයාණන් ප්රතිසංස්කරණයට අවශ්ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබා දීමට තීරණය කළ බව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

අද(15) දීඝවාපී චෛත්ය රාජයාණන්ගේ ප්රතිසංස්කරණ කටයුතු සහ පිඟන් සංස්ථාවට අයත් අක්කර 232කින් යුත් අම්පාර එරගම උළු සහ ගඩොල් කර්මාන්තශාලා පරිශ්රය නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය

“ආරක්ෂක ලේකම්තුමන් මූලික වෙලා මේ රටේ බෞද්ධ ජනතාවගේ ආධාර උපකාරයෙන් දීඝවාපී චෛත්ය රාජයාණන් ප්රතිසංස්කරණය කිරීමේ ඓතිහාසික වැඩ කටයුත්ත සිදුවෙමින් තිබෙනවා. එම කටයුත්තට අවශ්ය ගඩොල්, කර්මාන්ත අමාත්යාංශයට අයත් ලංකා පිඟන් සංස්ථාව හරහා ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි අප අද මෙහි පැමිණියේ. ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළඹුණා.

ඒ අනුව ලංකා පිඟන් සංස්ථාවට අයත් අම්පාර එරගම උළු කර්මාන්ත ශාලා පරිශ්රයේ තිබෙන සුවිශේෂී මැටි වර්ග, තාක්ෂණ උපකරණ එම ගඩොල් නිෂ්පාදනය සඳහා ලබාදීමට තීරණය කොට තිබෙනවා. ඊට අමතරව අවශ්ය නම් පිඟන් සංස්ථාව සතු ඇඹිලිපිටිය කර්මාන්තශාලා පරිශ්රයේත් ඒ කටයුත්ත සඳහා අවකාශය සලසන්න අපි ඉදිරිපත්ව සිටිනවා.”

ඉහත තීරණයට එළැඹීම සඳහා පැවැති සාකච්ඡාවට සහ දීඝවාපී චෛත්ය රාජයාණන් ප්රතිසංස්කරණ කටයුතු සහ අම්පාර එරගම උළු කර්මාන්ත ශාලා පරිශ්රය නිරීක්ෂණ සඳහා අමාත්ය විමල් වීරවංශ මහතා සමග ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්රාමික), ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්රනාන්දු, එහි සාමාන්යාධිකාරී ආර්. එම්. එස්. ඒ. රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.07.14
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*