BREAKING NEWS

දෙමළ ඡන්ද කුට්ටිය වෙනුවෙන් තියෙන සංහිදියාවත් විනාශ කරන්න එපා – මුසම්මිල් ජනාධිපතිගෙන් ඉල්ලයි

සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පූර්ණ බලතල ලබාදී වර්තමානයේ තිබෙන සංහිදියාවත් විනාශ නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුස්ම්මිල් මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අද (25) දින පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

ඒ මහතා පවසා සිටියේ, පොලිස් බලතල හැර 13 වන ව්‍යවස්ථා සශෝධනයේ අනෙකුත් සියළුම බලතල ලබාදීමට ජනාධිපතිවරයා විසින් එකඟ වූ බවට සුමන්දිරදන් මන්ත්‍රීවරයා විසින් පවසා ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකාරයා,

බලතල බෙදීමෙන් සංහිදියාව ඇති කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නෑ. සංහිදියාව ඇති කරන්න පුළුවන් මිනිස්සුන්ගේ හදවත්වල.

13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරපුවම මොකද වෙන්නේ? නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාව අතරත් ගැටුමක් ඇතිවනවා ඉඩම් ප්‍රශ්න පිළිබදව. ඒ නිසා 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම හරහා එක පැත්තකින් තියෙන සංහිදියාව සම්පූර්ණ වශයෙන්ම විනාශයට පත්වෙන්න පුළුවන්.

ඒක නිසා මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් මේ ඇති වෙලා තියෙන බංකොළොත්භාවයේදී අපි රටක් විදිහට සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියළුම දෙනා එකට ගොඩ යන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරලා ඒ ඔස්සේ හොඳ සංහිදියාවක් ඇති කරන්න පුළුවන්.

මේ දේශපාලන බලය බෙදීමේ උත්සාහය ඇතුලේ තියෙන සංහිදියාවත් විනාශයට ලක්වීම තමයි අපි නම් දකින්නේ සිදුවෙන්න පුළුවන් කියලා.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*