BREAKING NEWS

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම – සිමෙන්ති – සීනි – ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ සූදානමක්!

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම – සිමෙන්ති – සීනි – ඖෂධ වැනි කර්මාන්ත ආශ්රිතව ශ්රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස් විශ්රාමික මේජර් ජනරාල් මුහම්මඞ් සාද් කතක් මහතා පැවසීය.

ඒ සඳහා ශ්රී ලංකාව තුළ කටයුතු කිරීමේ දී ආයතනික සහ නීතිමය බාධාවන් පවතින බවත් එවැනි බාධාවන් ඉවත් කර දීමේ හැකියාවක් වත්මන් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාට තිබෙන බව තම විශ්වාසය බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
අද (15) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී පාකිස්ථාන මහ කොමසාරිස්වරයා කර්මාන්ත අමාත්යවරයා හමු වූ අවස්ථාවේ දී මෙම අදහස් පළ විය.
එහි දී අමාත්ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ එවැනි බාධාවන් පැවතීම පිළිබඳව තමන් කනගාටු වන බව ය. ඒවා ජය ගනිමින් ඒවාට පිළියම් යෙදිය හැකි බැවින් අදාළ රාජ්ය ආයතනවල නිලධාරීන්ගෙන් ද සමන්විත ශ්රී ලංකා – පාකිස්ථාන් ද්විපාර්ශ්වික කමිටුවක් පිහිටුවීමට ඉදිරියේ දී අමාත්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව ය.
දෙරට අතර වාර්ෂිකව ඩොලර් බිලියන 01ක ආනයන – අපනයන වෙළඳාමක් සිදු කළ හැකිව තිබිය දී සාමාන්යයෙන් වාර්ෂිකව සිදුු කෙරෙන්නේ ඩොලර් මිලියන 450 – 500 අතර වෙළඳාමක් බවත් එය දෙරටටම වාසිදායක වන සේ ඉහත අගය දක්වා වැඩි කර ගත හැකි බවත් මෙහි දී ශ්රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
වත්මන් රජය සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශය අනුව යමින් ශ්රී ලංකාවේ කර්මාන්ත ගොඩගැනීම සඳහා හිතකර ව්යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේ දී කලාපීය හා ජාත්යන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් එය කළ යුතු බවත් එහි දී පාකිස්ථානය වැනි මිත්රයකුගේ සහයෝගය ඉතා වැදගත් බවත් මෙහි දී අමාත්යවරයා අවධාරණය කළේය.
පාකිස්ථානය, ශ්රී ලංකාවේ සෑම දුෂ්කර අවස්ථාවකදීම සිටි මිත්රයකු බවත් ඒ මිත්රත්වය වර්තමානයේ මෙන්ම අනාගතයේ දී ද ඉතාමත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවත් අමාත්යවරයා මෙහි දී සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබු බකර් ෆහඞ්, වෙළඳ හා ආයෝජන අංශයේ ප්රධානී, අස්මා කාමල් යන මහත්මීහු සහ අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අමාත්ය සම්බන්ධිකරණ ලේකම්, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*