BREAKING NEWS

දේශීය ගමන් මලු (Bags) නිෂ්පාදකයින්ගේ ගැටළු වලට විසදුම්…

දේශීයව පාසල් බෑග් (School Bags) , අත් බෑග් (Hand Bags) ඇතුළු විවිධ බෑග් වර්ග නිෂ්පාදනය කරණු ලබන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් දේශීය ගමන් මලු නිෂ්පාදන කර්මාන්තකරුවෝ සහ කර්මාන්ත අමාත්යවරයා අතර සාකච්ජාවක් අද (19) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ජාවේදී මෙරට ගමන් මලු අවශ්යතාවය සපුරාලිය හැකි පරිදි නිෂ්පාදනයන් කිරීමට මෙරට නිෂ්පාදකයින්ට ඇති හැකියාව පිළිබදව ඔවුන් අමාත්යවරයා දැනුවත් කල අතර රජය ආනයන සීමා කොට ඇති පසුබිමක දේශීය නිෂ්පාදකයින්ට ලැබී ඇති අවස්ථාව ප්රයෝජනයට ගනිමින් ප්රමිතියෙන් යුත් ගමන් මලු නිපදවීමට නිෂ්පාදකයිනුත් කටයුතු කරන ලෙස අමාත්යවරයා ඔවුන්ට උපදෙස් ලබා දුන්නේය. ඔවුන්ගේ නිෂ්පාදනයන් සදහා අවශ්ය අමුද්රව්ය සපයා ගැනීම ඇතුළු ගැටළු කිහිපයකටම අමාත්යවරයා වෙත ඉදිරිපත් කල අතර අමාත්යවරයා එම ගැටළු හැකි ඉක්මනින් විසදා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. කර්මාන්ත අමාත්යාංශය යටතේ ලියාපදිංචි වී ඉදිරියේදී ඔවුන්ගේ ගැටළු විසදා ගැනීමට අමාත්යාංශයේ සහය ලබාගන්නා ලෙස අමාත්යවරයා ඔවුන්ට කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, කර්මාන්ත අමාත්යාංශයේ නිලධාරින්, දේශීය ගමන්මලු නිෂ්පාදකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

#WimalWeerawansha #MinistryofIndustries

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*