BREAKING NEWS

දේශීය චිත්‍රපට කර්මාන්තය නැංවීමට අදාළ නිර්දේශ ගෙන එන්න ජානිපෙ මන්ත්‍රී උද්දික විශේෂ කාරක සභාවක් ඉල්ලයි!

දේශීය චිත්රපට කර්මාන්තය නැංවීමට අදාළ නිර්දේශ ගෙන එන්න ජානිපෙ මන්ත්රී උද්දික විශේෂ කාරක සභාවක් ඉල්ලයි!

සිනමා පාසලක් බිහි කිරීම රාජ්ය ප්රතිපත්තියට ඇතුළත් කිරීම, ජාත්යන්තරව චිත්රපට නිෂ්පාදනය හා බෙදාහැරීම, සිනමා ශාලාවට අමතරව වෙනත් Digital මාධ්ය ඔස්සේ NETFLIX,PRIME VIDEO, ඇතුළු අනෙකුත් OTT PLATFORMS වල ප්රදර්ශනය සඳහා ක්රියාත්මක කළ යුතු ක්රමවේදයන්, එම සමාගම් සමඟ පූර්ව ගිවිසුම් ඇති කරගැනීම ආදී කරුණු සොයාබලා ඒ පිළිබඳ අදාළ නිරීක්ෂණ සහ නිර්දේශයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (23) දින පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් භාර දී ඇත.
ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, හිටපු අමාත්ය ඩලස් අලහප්පෙරුම (නිදහස ජාතික සභාව), ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්ය රමේෂ් පතිරණ, සමගි ජන බලවේගයේ මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි ( ශ්රී ලංකා පොදුජන පෙරමුණ), ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුර ප්රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා (නිදහස ජාතික සභාව), මහාචාර්ය චරිත හේරත් (නිදහස ජාතික සභාව) , ගුණපාල රත්නසේකර (නිදහස ජාතික සභාව), කේ.පී.එස් කුමාරසිරි (නිදහස ජාතික සභාව), ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, සමගි ජන බලවේගයේ වේලු කුමාර්, රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ ( ශ්රී ලංකා පොදුජන පෙරමුණ), රාජ්ය අමාත්ය ඩයනා ගමගේ ( සමගි ජන බලවේගය ), රාජ්ය අමාත්ය චාමර සම්පත් ( ශ්රී ලංකා නිදහස් පක්ෂය), වීරසුමන වීරසිංහ ( ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂය), සමගි ජන බලවේගයේ අශෝක් අබේසිංහ, ඉෂාක් රහුමාන් (සමගි ජන බලවේගය), කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධක්රිෂ්ණන්, කිංස් නෙල්සන් (සමගි ජන බලවේගය), සංජීව එදිරිමාන්න (ශ්රී ලංකා පොදු ජන පෙරමුණ), මධුර විතානගේ (ශ්රී ලංකා පොදු ජන පෙරමුණ), යදාමිණී ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ) යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙසේ ජාතික නිදහස් පෙරමුණේ උද්දික ප්රේමරත්න මහතා සමඟ මෙම යෝජනාවට අත්සන් තැබීම විශේෂත්වයකි.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා කථානායකවරයාට මෙම යෝජනාව භාරදෙන අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා විශේෂ කාරක සභාවක් ඉල්ලා ඉහත කී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 26 දෙනාගේ අත්සන් ඇතිව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (23) පාර්ලිමේන්තුවේ දී භාර දී ඇති සම්පූර්ණ යෝජනාව මෙසේය.
“ගරු කථානායකතුමා,
ශ්රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ
විශේෂ කාරක සභාවක් ලබා ගැනීම සඳහා
# දේශීය චිත්රපට කර්මාන්තය මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව සහ එහි ව්යාපාර මූලධර්මයන්ද යළි ස්ථාපනය කිරීම, ප්රමුඛතා ලේඛනයක් සැකසීම,ප්රේක්ෂක ආකර්ෂණය 1971-1979 කාලය තුළ මෙන් යළි ස්ථාපිත කිරීම අත්යවශ්ය හෙයින්ද
# සම්ප්රදායික චිත්රපටකරණය වෙනුවට ඩිජිටල්කරණය ලබා දී ඇති ප්රගතිය අනුව දේශීය චිත්රපට නිෂ්පාදනය සහ පසු නිෂ්පාදන ක්රියාවලිය යාවත්කාලීන කිරීම අත්යවශ්යව ඇති හෙයින්ද
# පාසල් අධ්යාපනය නිමකර සිනමා ක්ෂේත්රයට පිවිසීමට කැමැත්තක් හා දක්ෂතාවයක් දක්වන තරුණ පරපුරට පූර්ණ කාලීන රාජ්ය අනුග්රහය ඇති සිනමා පාසලක් බිහි කිරීම රාජ්ය ප්රතිපත්තියට ඇතුළත් කළ යුතු හෙයින්ද
(වෛද්යවරුන්,හෙදියන්,නීතිඥයන්,ඉංජිනේරු වාස්තු විද්යාඥයින් බිහිකිරීමේ විශ්ව විද්යාල ඇතත් සිනමා සහ රූපවාහිනි පූර්ණ කාලීනව හැදෑරීමට විශ්වවිද්යාලයක් නැති හෙයින්ද)
# ජාත්යන්තරව චිත්රපට නිෂ්පාදනය හා බෙදාහැරීම සිනමා ශාලාවට අමතරව වෙනත් Digital මාධ්ය ඔස්සේ NETFLIX,PRIME VIDEO, ඇතුළු අනෙකුත් OTT PLATFORMS වල ප්රදර්ශනය සඳහා ක්රියාත්මක කළ යුතු ක්රමවේදයන්, එම සමාගම් සමඟ පූර්ව ගිවිසුම් ඇති කරගැනීම පිළිබඳව කරුණු සොයාබලා ඒ පිළිබඳව නිරීක්ෂණය සහ නිර්දේශයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි විශේෂ කාරක සභාවක් පත්කළ යුතු යැයි යෝජනා කරමු.
උද්දික ප්රේමරත්න
පාර්ලිමේන්තු මන්ත්රී
(මෙම යෝජනාවට අදාළව ඊට අත්සන් යෙදු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පහළින් දැක්වෙයි.)
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*