BREAKING NEWS

“පවතින පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ ‘මුදල’ දර්ශනය කරගත් මිනිසුන්ගෙන් දේශපාලන ක්ෂේත්‍රය පිරී පැවතීමයි” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

රට පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ ‘මුදල’ දර්ශනය කරගත් මිනිසුන්ගෙන් දේශපාලන ක්ෂේත්‍රය පිරී පැවතීම බවත්, අද විවෘත වන පෙරදිග දේශපාලන විද්‍යායතනය එම ප්‍රවණතාව පරදවන කේන්ද්‍රස්ථානය බවට පත් වනු ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (16) දින, බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී, “පෙරදිග දේශපාලන විද්‍යායතනය” විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*