BREAKING NEWS

‘පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දුන් ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමති විමල්ගෙන් උපදෙස්’

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ඊයේ(29) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සමඟ සිදු කළ දුරකථන සංවාදයක දී අමාත්යවරයා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

මෙම ගැසට් නිවේදනය 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මහතාගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කොට ඇති බව ද මෙම දුරකථන සංවාදයේ දී අනාවරණය විය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන්නේ ආනයනික පොල්තෙල් කිලෝග්රෑමයක් සඳහා පැවැති රුපියල් 295ක සෙස් බද්ද රුපියල් 125 දක්වා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටුණු බව ය. මෙවැනි බදු සහනයක් යටතේ පොල්තෙල් ආනයනය සිදු කරන බැවින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට ඒ සමඟ තරඟ කළ නොහැකි බව ද ඔවුහු අමාත්යවරයාට පෙන්වා දුන්හ.

කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා මෙහි දී පවසා සිටියේ සිදුව ඇති මිල විකෘතියේ ප්රශ්නය කැබිනට් පත්රිකාවක් මගින් නිවැරදි කරන බව ය. තම අමාත්යාංශය යටතේ පවතින ‘බිසීසී ලංකා’ රාජ්ය සමාගම මගින් දේශීය නිෂ්පාදකයන්ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම, පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම, පොල්, ගෙඩි වශයෙන් අපනයනය නතර කිරීම වැනි දේශීය පොල්තෙල් කර්මාන්තය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද මෙහි දී අමාත්ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*