BREAKING NEWS

භූගත ඛනිජ සම්පත් හදුනා ගනිමින් ඒවා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම කඩිනම් කිරීමට කර්මාන්ත සහ පරිසර අමාත්‍යවරු අතර විශේෂ සාකච්ජාවක්…

සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශය අනුව යමින් කර්මාන්ත අමාත්යාංශයේ විෂය පථයේ සුවිශේෂ ප්රමුඛතා ලෙස දක්වා ඇති, දැනට භූගතව සහ සාගර අභ්යන්තරයේ ඇතැයි සැළකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණික ක්රම භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම යන ප්රමුඛතා ඉලක්ක සපුරා ගැනීම අරමුණු කර ගනිමින් භූගත ඛනිජ සම්පත් හදුනා ගැනීමට අවශ්ය තාක්ෂණික සහය ලබා ගැනීම සහ ඉදිරි වැඩකටයුතු ක්රියාත්මක කරන ආකාරය පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා සහ පරිසර අමාත්ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් අද (06) බත්තරමුල්ලේ පිහිටි පරිසර අමාත්යංශයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්යාංශය, පරිසර අමාත්යාංශය, භූ විද්යා හා පතල් කාර්යාංශය, වන සංරක්ෂක දෙපාර්තමේන්තුව සහ මධ්යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් මෙම සාකච්ජාවට සහභාගී විය. දැනට දිවයින් පුරා සිදුකර ඇති පරික්ෂණ වලින් හදුනාගත් සහ හදුනා ගනිමින් පවතින නව භූගත සම්පත් අඩංගු ස්ථාන පිළිබදව මෙහිදී සාකච්ජා කෙරිණි. එම ස්ථාන වල පරිසර තත්වයන් සොයා බලා පරිසර අධ්යන වාර්තා අනුව කැනීම් කටයුතු සිදුකරමින් එම ඛනිජ සම්පත් අගය එකතු කල හැකි ලෙස ආර්ථිකයට දායක කර ගැනීමේ ඇති වැදගත්කම පිලිබදව මෙහිදී අමාත්යවරු දෙපළ පෙන්වා දෙන ලදි. ඒ සදහා සියලු ආයතන එක්ව අවශ්යය පර්යේෂණ කටයුතු සිදු කරන ලෙසද අමාත්යවරු දෙපළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට, පරිසර අමාත්යංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ, කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, කර්මාන්ත අමාත්යාංශයේ සහ පරිසර අමාත්යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

මාධ්ය ඒකකය

කර්මාන්ත අමාත්යංශය

2021.01.06

#WimalWeerawansha #MinistryofIndustries

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*